Author: LANKA24X7

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝගය නිකුත් කර ඇත. ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල…

Read More

2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,040 දක්වා ඉහළ ගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී රෝගීන් 10,155 දෙනෙකු වාර්තාවී ඇති බවය. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තාවී ඇති බව සඳහන්ය. මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 50,760කි. දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,788ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,910ක් ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව  20,444ක් වේ. තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,008 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,043 දෙනෙකු,…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව එම නියෝජිතයින් පිරිස එළැඹෙන සතියේ 10 දින සිට 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමටද නියමිතය. එම දින කිහිපය තුළ ඔවුන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව එම නියෝජිතයින් පිරිස එළැඹෙන සතියේ 10 දින සිට 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමටද නියමිතය. එම දින කිහිපය තුළ ඔවුන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

Read More

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන…

Read More

ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසු වුණි. ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබා දී තිබේ. ප්‍රියංකර පෙරේරා මහතා චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති අතර, සුපුන් සඳක්, සඳුන් ගසේ සමන් වැලක්, සිකුරුලියා, අගාධ සාගරයේ වැනි ගීතයන්ගෙන් ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින්…

Read More

අහුන්ගල්ල, ඇලතොට හන්දිය මාර්ග බාධකයේදී අයිස්, හෙරොයින් හා කුෂ් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අහුන්ගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු යතුරුපැදියක් නතර කර පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 194ක්, හෙරොයින් ග්‍රෑම් 217ක් සහ කුෂ් ග්‍රෑම් 101 මිලිග්‍රෑම් 270ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඔහුගේ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය. අහුන්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ඔවුන් ඊයේ (30) පස්වරු 04.30ට ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. එම පිරිස පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මෙම ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් එළඹෙන 04වනදා මෙරටින් ආපසු පිටත්ව යාමට නියමිතය.

Read More

බිරිදගේ හිසට පොරවෙන් පහර දී සැමියා පොලීසිය වෙත භාර වූ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කර තමන් පොලිසිය වෙත පැමිණි බව සැකකරු විසින් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. තුවාල ලබා සිටි බිරිද ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි චිත්‍රා දේවි නම් 43 හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාවගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත්…

Read More