Author: LANKA24X7

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි. සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිදභාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ යන්ත්‍රසූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාල ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුද සියලු බාධාවකින් තොරව සිදුවන බවද ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි. යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන වෙළදපොළ උදෙසා සුපෝෂ නිෂ්පාදනය දිවයින පුරා බෙදා…

Read More

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ දැමිම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය. දශම ගණනකින් බස් ගාස්තු සංහෝධනයක් කිරීමෙන් එහි වාසිය මගියාට නොලැබෙන බවද විජේරත්න මහතා කීවේය. බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිළ, බස් රථ සහ අමතර කොටස් මිළ, බදු ඇතුලු කරුණු 12 ක් සම්බන්ධයෙන්…

Read More

ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය. වර්තමාන තත්වය යටතේ වෑන් ගාස්තු ඉහළ දැමුවහොත් දැනට සිටින දරුවන් ද අඩු වන බව කී මල්ශ්‍රී ද සිල්වා මහතා විදුලි සහ ජල බිල් දරාගත නොහැකි මව්පියන්ට තවත් බර පැටවීමට නොහැකි බව ද සඳහන් කළේය.

Read More

සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. සම්බා කිලෝවක් රුපියල් 240.00 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260.00 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති. එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ඔවුහු සඳහන්…

Read More

අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත. එසේම අධිවේගී බස් රථවල සියලුම මගීන්ට ආසන බඳ පටි පැළඳීම සැප්තැම්බර් මස 1 වැනිදා සිට අනිවාර්ය කෙරෙන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය රත්නායක මහතා අද උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙසේ පැවසීය. රිය අනතුරුවලින් දිනපතා විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමිවන හෙයින් එම තත් වය මගහැරීම සඳහා මෙම තීරණය ගත් බවද ඔහු කීවේය. අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයටද ආසන පටි පැළඳීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන පහළොව දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය. 2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම තුළින් ඇමරිකානු ඩොලර් 4512 රජයට පාඩුවක් කිරීම,එම වසරේම ජනවාරි 26 දින මාල දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා…

Read More

පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය. ඉන්දන මිල ඉහළ ගිය ද පහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තු තීරණය කිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සංගම්වලට බලයක් නොමැති බවත් එම ගාස්තුව සමස්ත රටටම තීරණ කිරීමේ නීතිමය බලය ජාතික ගමනාගමන කොමිසමට ද, බස්නාහිර පළාත නම් එම බලය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද, ලැබී ඇති බවත් ඒ මහතා කීය. මීට පෙර අවස්ථා කීපයකදී පෙට්‍රල් මිල පහළ දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තු පහළ නොදැමීම නිසා පෙට්‍රල් මිල ඉහළ ගිය වාහාම ගාස්තු ඉහළ දැමීමේ හැකියාවක්…

Read More

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ. මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා…

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය. මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර…

Read More

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.

Read More