Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මෙරට බන්ධනාගාරවලින් නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු චෙන්නායි වෙත ළඟා වී තිබේ. ඊයේ (02) එම ධීවරයින් මෙලෙස ඉන්දියාව බලා පිටත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එම ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළ අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමෙන් පසු, ඔවුන්ව ඉන්දීය බලධාරීන් විසින් නිදහස් කර සිය රට වෙත ගෙන්වන ලදි.

Read More

මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ මිතුරු පුරවර නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණි. මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහපැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු සහිතව එම වැඩසටහන මගින් දිවයිනේ තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනාගෙන එම කාර්ය 2026 වර්ෂය තුළ අවසන් කිරීමටද අපේක්ෂිතය. ඒ අනුව මිතුරු පුරවරව වැඩසටහන යටතේ ආරම්භක…

Read More

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම් මහතා සාක්ෂි සඳහා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් සාක්ෂි සඳහා කැඳවමින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) ඔවුන්ට සිතාසි නිකුත් කළේය. මරණකරුගේ ජංගම දුරකතනය FBI හරහා අමෙරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා පියවර ගනිමින් සිටින බව කොළඹ කොට්ඨාසය අද අධිකරණය හමුවේ දන්වා සිටියේය. එහිදී මරණකරුගේ නිවසේ තිබී හමුවූ කොල පැහැති බඳපටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත වැවීම සඳහාද එම කොට්ඨාසය කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර හිමිවිය. එමෙන්ම සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය ප්‍රකාරව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීති…

Read More

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රු. 17,117 දක්වා ඉහළ ගොස් තිබේ.‍ ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා නිකුත්කළ නිල දරිද්‍රතා රේඛාවට අනුවය. ඒ අනුව, මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි. මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙස සටහන් වී තිබුණි. මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව මගින් ඇස්තමේන්තු කරනු ලබයි. අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,461ක් ලෙසයි සැලකේ. දරිද්‍රතා රේඛාවට අනුව අවම අගය…

Read More

වෙසක් සිරි නරඹමින් සිටි මහජනතාවට පීඩාවක් වන අයුරින් ඝෝෂාකාරී ලෙස අධික ශබ්ද නගමින් යතුරුපැදි පදවමින් සිටි තරුණයින් දස දෙදෙනෙකුට අධික පිරිසක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම අදාළ යතුරුපැදිද පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරුපැදිවල සයිලන්සර් කපා සහ වෙනස්කර සාමාන්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කර විවිධ කොටස් එක්කර අධික ශබ්ද නැගෙන සේ සකසා ඇති බවද පොලීසිය සඳහන් කළේය. බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ තරුණයින් පිරිස එම යතුරුපැදි සමග අත්අඩංගුවට ගෙන පොලිස් පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත. අදාළ යතුරුපැදි මෝටර් රථ පරීක්ෂක වෙත…

Read More

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් වන්නේ, ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball) ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom) ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey), යන සංගම් ත්‍රිත්වයයි.…

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතිය අද (01) පැය දෙකකට ආසන්න කාලයක් බිඳ වැටීම හේතුවෙන් සේවා කටයුතු අඩාල වී තිබුණි. මෙම තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම් සහ අනෙකුත් සේවා ලබාගැනීමට පැමිණි ජනතාවට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවිය. කෙසේ වෙතත්, තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමෙන් අනතුරුව පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, මේ වනවිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ.

Read More

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (114) වන වාර්ෂික සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අදින් (01) ආරම්භ වේ. ඊට සහභාගී වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම සමුළුව එළැඹෙන 12 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වෙන අතර රජය, සේවායෝජකයින් සහ කම්කරුවන් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ. “සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187ක රජයන්, සේවායෝජකයින් සහ කම්කරුවන්ගේ නියෝජිතයින් රක්රැස් කරන මෙම සමුළුව ගෝලිය කම්කරු ප්‍රතිපත්ති සහ කම්කරු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම…

Read More

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 335 සීමාව ඉක්මවා ගොස් තිබේ. මහ බැංකුව විසින් අද (01) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 335.70ක් ලෙස සටහන් වී ඇත. පසුගිය 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් විය. එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 334.24ක් ලෙස පසුගිය සිකුරාදා (29) ප්‍රකාශයට පත් කර ඇත.

Read More