Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් හඳුනාගත නොහැකි වූ අද්භූත රසායනික සලකුණක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇත. පවත්නා විද්‍යාත්මක දත්ත ගබඩාවල ඇති කිසිදු රසායනික ද්‍රව්‍යයකට මෙය සමාන නොවන අතර, මෙම සොයාගැනීම ඇතුළත් පර්යේෂණ වාර්තාව ‘Astronomy & Astrophysics’ සඟරාවේ පළ කිරීමටද අනුමැතිය ලැබී තිබේ. විද්‍යාඥයන් දුරස්ථ ලෝකයන්හි පවතින රසායනික ද්‍රව්‍ය හඳුනාගනු ලබන්නේ, අදාළ අංශු මඟින් ආලෝකය අවශෝෂණය කරගන්නා ආකාරය අධ්‍යයනය කරන ‘වර්ණාවලි වික්ෂේපණය’ (Spectroscopy) නම් තාක්ෂණයෙනි. සෑම රසායනික ද්‍රව්‍යයකටම මිනිස් ඇඟිලි සලකුණක් මෙන් අනන්‍ය වූ ආලෝක සලකුණක් පවතී. නමුත් මෙවර ප්ලූටෝ සහ ටයිටන් යන ලෝක දෙකෙන්ම මයික්‍රොමීටර 5.113ක…
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (08) දිනයේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවය. අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක් ද ඒ අතර වන බව සඳහන්ය. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවයක නිරතව වී සිටියහ. කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර ක්‍රමානුකුලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේය. මේ අතර මීගමුව බන්ධනාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර…
කිසිදු බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටි ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ පුද්ගලයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (08) උදෑසන කාලයේදීය. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණය අසලදී මෙම ගජමුතු විකිණීම සඳහා සූදානමින් සිටියදී වටලනු ලැබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 38, 46 සහ 47 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් තලවතුගොඩ, මීතලාව සහ දොලොස්බාගේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය…
අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “විහාරගොඩ විශ්ව” නමැත්තාට අයත් බව සැලකෙන T56 වර්ගයේ ගිනිඅවියක මැගසිනයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. 2026 ජූලි 08 වන දින ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් කණ්ඩායම් එක්ව විහාරගොඩ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී විහාරගොඩ දුම්රිය මාර්ගය අසල සඟවා තිබියදී මෙම මැගසිනය සොයාගෙන ඇත.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට ( 09) දිනය සඳහා වලංගු වන පරිදි, අද (08) දින මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ. මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
ඉරානය සමඟ පැවති සටන්විරාමය අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 6%කට ආසන්න ප්‍රමාණයකින් එකවරම ඉහළ ගොස් තිබේ. මින් මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ සහ තෙල් සැපයුමට බාධා පැමිණීමේ බියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල 5.95% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.50ක් වූ අතර, අමෙරිකානු (WTI) බොරතෙල් මිලද 5.95කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 74.60ක් දක්වා වැඩි වී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය මඟින් සිදුකරන ලද දීර්ඝ විර්මශනයකට අදාළව ඊයේ (07) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකාරිය කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක සේවය කරමින් එහි පවතින පත්තිරු සහ වෙළුම් ඔප්පුවල දෙවන පිටපත් බාහිර පාර්ශවයන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ. එමෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා සෘජුවම ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම, නීත්‍යානුකූල අයිතිකරුවන් නොදැනුවත්ව ව්‍යාජ ලේඛන සකස් කොට, අදාළ ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත බැහැර කිරීමට කටයුතු කිරීම ඇයට එල්ල වල…
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය. ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු…
රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සමඟ පුද්ගලයෙකු එඬේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල, එඬේරමුල්ල, සන්ෆ්ලවර් ගාර්ඩ්න්ස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සොයාගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “බ්ලුමැන්ඩල් රවී”ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවය. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළවන වාර්තා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය. ඒ අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එලෙස ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40ක් ජීවිතක්ෂයට පත්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා. කාට හරි උණ රෝගය තිබෙනවානම්, කිහිප දෙනෙකුට උණ රෝගය තිබුණා කළින් දවසේ එහෙම වාර්තා වෙලා තිබුණේ එක්කෙනයි එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ…
