Author: LANKA24X7

නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කර තිබේ. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇතැයිද සඳහන් වේ. මේ අතර මෙම ආපදාවට හේතුවී ඇතැයි පැවසෙන ග්ලැසියර කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදුව ඇතැයිද වාර්තා පළ වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගෝලීය උණුසුම හේතුවෙන් හිමාලයේ ග්ලැසියර, අයිස් බිම්, හිම තට්ටු දියවීම වේගවත් වී ඇති බවට විද්‍යාඥයින් විසින් පවසා ඇති බවය. විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ ග්ලැසියර දියවීම හා බිඳවැටීම පමණක් නොව ග්ලැසියර විල් වේගයෙන් පිරවීමටද හේතු…

Read More

අද (29) දින දහවල් 12:11 ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් ප්‍රදේශවලට ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයා පවතී. මේ අතර අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ  පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…

Read More

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න කටයුතු කරන බවද පැවසීය. කෙසේ නමුත් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත්වෙන්න දශන ගණනාවක් ගතවිය හැකි වුවත්, සිදුවන විනාශයන් නතර කිරීම සඳහා කෙසේ හෝ පියවර ගතයුතු බවත් සඳහන්…

Read More

පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316ක් වන අතර, අගෝස්තු 26 වනදා වාහන 163,763ක් ධාවනය වී ඇති අතර, එදින ලැබූ ආදායම රුපියල් 60,409,995කි. අගෝස්තු 27 වනදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන සංඛ්‍යාව 161,553ක් වන අතර, එදින රුපියල් 64,164,930ක ආදායමක් උපයා තිබේ. මෙම දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය වන E01 හා E02 ඔස්සේ වාර්තා වී තිබේ.

Read More

නේපාලයේ සහ ටිබෙටයේ දැඩි විනාශයක් සිදුකළ හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව, ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය (ICIMOD) විසින් සවිස්තරාත්මක ඇගයීම් වාර්තාවක් නිකුත් කර තිබේ. ගංගා පද්ධති වෙත ගසාගෙන ආ සුන්බුන් හේතුවෙන් තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම වාර්තාව මගින් විශේෂඥයෝ අනතුරු අඟවති. ට්‍රිෂුලි (Trishuli) ගඟේ පටු කොටස්වල තාවකාලික අවහිරතාවක් ඇති වී තිබේද යන්න පිළිබඳව මේ වන විටත් පරීක්ෂා කරමින් සිටින බව එම වාර්තාවේ නිකුත් කළ විශේෂඥයින් පවසති. යම් හෙයකින් එවැනි අවහිරතාවක් ඇති වී ඇත්නම්, නායයෑමක් හේතුවෙන් ඇති වන වේල්ලක් (landslide dam) නිර්මාණයවීමේ සහ ඉන් දෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් වෙයි. එවැනි අවහිරතා ඇතිවීමේ හැකියාවක් පවතී නම්,…

Read More

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට සූදානමින් සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාස 10කට පෙර සුළි කුණාටුවකින් තවමත් ගොඩඑන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමඟ ශෝකය බෙදාගැනිමට සූදානම් බව සිය X ගිණුම මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහයුම් මගින් පුද්ගලයින් 24දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ. ඊයේ (25) දින වාර්තාවට අනුව, පුද්ගලයින් 26,868ක් පරීක්ෂා කර තිබේ. ඉන් සැකපිට පුද්ගලයින් 490ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ සඳහන් වෙයි. මේ අතර, දින වරෙන්තුකරුවන් 228ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 148ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (‍26) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය අගෝස්තු 18 වන දින ආරම්භ කර අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත්කර ඇත.…

Read More

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එබැවින් අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වීම අවශ්‍ය නොවන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

Read More

වැල්ලවාය – මොනරාගල මාර්ගයේ කිරිදිඔය පාලම අසලදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා වැල්ලවාය මූලීක රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත. එහිදි එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔහු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 53න් හැවිරිදි දෙදරු පියෙකි. තුවාල ලැබූ සෙසු පුද්ගලයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More