2026 අගෝස්තු මාසය සඳහා 8.1%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී 7.2%ක් ලෙස වාර්තා වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී මෙලෙස ඉහළ ගොස් ඇත.
ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතයද ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ පැවති 9.2% සිට අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

