නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අදියර 1 සහ 2 යටතේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.
අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්රදේශ
ගාල්ල දිස්ත්රික්කය – නාගොඩ, නෙළුව
මහනුවර – පස්බාගේ කොරළය, ගඟ ඉහළ කෝරළය
කෑගල්ල – යටියන්තොට, දෙහිඕවිට, දැරණියගල
මාතර – පිටබැද්දර
නුවරඑළිය – කොත්මලේ, කොත්මලේ නැගෙනහිර
රත්නපුර – අයගම, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ
කළුතර – පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල,
අදියර 1 යටතේ විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්රදේශ
කොළඹ – සීතාවක
කළුතර – ඉංගිරිය
කෑගල්ල – රුවන්වැල්ල, වරකාපොල, අරණායක, බුලත්කොහුපිටිය
මාතර – කොටපොල, අකුරැස්ස
රත්නපුර – කිරිඇල්ල, කලවාන
ගාල්ල – තවලම
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා ක්රියාත්මක වේ.

