Author: LANKA24X7

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය. මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය. ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ රුමේෂ්ගේ දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කරගතේය. මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේචී බර ඉසලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු ශ්‍රි ලංකාව දිනූ රන් පදක්කම විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට ඔහුට එරෙහිව අදාළ චෝදනා ගොනු කර තිබුණි. කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි මහාධිකරණ නියෝගයේ සඳහන් කර ඇත විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයා අද (30) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. ඒ, මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේදීය. එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහතා මෙලෙස සාක්ෂි ලබා දී තිබේ. පස්වරු 1.00ට පමණ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර, එය පස්වරු 3.00 පමණ වනතුරු පැවැත්වී තිබේ. සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් බවයි. එම තොරතුරු හෙළිදරව් වීමෙන් රටේ…

Read More

මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඉරානයට එරෙහිව දැවැන්ත සහ ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු හමුදාව නිවේදනය කරයි. අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (Centcom) ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, පසුගිය අඟහරුවාදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට එරෙහිව මෙම “ප්‍රබල ප්‍රතිචාරය” ලබා දුන් බවය.

Read More

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්  සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජුලි මස 23 වන දින රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ මිනීමැරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ නැමැත්තා ඉලක්ක කරගනිමිනි. රොෂාන් නැමැත්තාගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි අයෙක් හිස් වැසුමක් පැලඳ එම උත්සව ශාලාව තුළටම ගොස් අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. කෙසේවෙතත් ඉලක්කය වැරදීමෙන් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ, රොෂාන් නැමැත්තා අසල සිටි අයෙකුට බව පසුව අනාවරණය වුණි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ…

Read More

අමෙරිකානු සංචාරය අතරතුරදී යුක්‍රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි , එරටට බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් බේරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල අවශ්‍යතාවය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් සභිකයන් දැනුවත් කර තිබේ. ශීත කාලය එළැඹීමට පෙර රුසියානු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා යුක්‍රේනයට “පේට්‍රියට්” ආරක්ෂක පද්ධති සඳහා යොදාගන්නා මිසයිල 300ක් අවශ්‍ය වී තිබේ. යුක්‍රේනය සතුව රුසියානු සහ ඉරාන ඩ්‍රෝන යානා විනාශ කළ හැකි ඩ්‍රෝන තාක්ෂණය තිබුණද, රුසියාවෙන් එල්ල වන බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් බේරීමට අවශ්‍ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල විශාල හිඟයක් පවතී. වොෂින්ටන් නුවර අම‍ෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී සෙනෙට් සභිකයන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ තමන්ට මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ…

Read More

මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහොය දිනයක් ලෙසින් සැලකෙන ඇසළ පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද දවස සුවිශේෂී වෙනවා. අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වන් දිනකයි. එමෙන්ම සිදුහත් කුමරු ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය. එමෙන්ම බුදුහිමි විසින් ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි. මෙවැනි උතුම් කාරණා රැසක් මූලික කරගනිමින් ඇසළ පොහොය බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වේ.

Read More

ඉරානය සමග ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුද්ධය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් ඉරානය පවසන්නේ තමන් අමෙරිකාව සමග සෘජු සාකච්ඡා කිසිවක් සිදුකර නොමැති බවය. අඛණ්ඩව තෙවන දිනටත් ඊයේ (27) දිනයේ දී ද ඉරානය සහ අමෙරිකාව අතර යුධ ගැටුම් සිදු නොවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය සිකුරාදා ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ඉරානය ද මේ වන විට සිය ප්‍රහාර නතර කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

Read More