නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අද (20) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යටවීම නිසා පවුල් 100කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම නාවලපිටිය කිතුල්කොටේ, ලබුවැල්කොටුව සහ ජයසුන්දරඕවිට යන ප්‍රදේශ රැසක පහත්බිම් සහ නිවාස මෙලෙස ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

