පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවය.
අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.

