පවතින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම යටවී තිබේ.
බස් නැවතුම්පොළ හරහා වැසි ජලය ගලා යැමට කාණු පද්ධතිය අවහිරවීම ඊට හේතුව බව බස් නැවතුම්පොළේ පිහිටි වෙළදසැල් හිමියන් සඳහන් කරයි.
බස් නැවතුම්පොල ජලයෙන් යට වීම නිසා මගීන් මෙන්ම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන්ද පීඩාවට පත්ව ඇත.
මේ අතර ඉදිරි පැය 36දී බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

