Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට පමණක් සීමා නොවූ, ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි ජනතා කේන්ද්‍රීය සහ තිරසාර නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක “නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්” යටතේ ඇරඹි “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. කොළඹදී පැවති මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද සහභාගී වූවාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇති බවයි. “සමහර නගරවල ආත්මය පාසල…
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම (11) සුදුසුකම් ලැබීය. ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කුඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 130කි. තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. ඒ අනුව ලබන ඉරිදා (13) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගන්නා ලදී.
අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වර්ෂයෙන් පසු මේ දක්වා කිසිදු වතාවක පූර්ණ ලෙස සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ ආසන්න තත්ත්වයට පත්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අවධාරණය කරයි. දශක ගණනාවක් පුරා අඩු වියදමින් ඉහළ ඵලදායිතාවයක් පෙන්වමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය, වත්මන් පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ප්‍රමිතියෙන් හා සංඛ්‍යාවෙන් පවත්වා ගැනීම සඳහා වසර පහකට වරක් අමාත්‍යාංශය මඟින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කළ යුතුව ඇතත් දිවයින ආවරණය වන පරිදි පූර්ණ මට්ටමින් සිදු…
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත්විය. මෙලෙස මුදාගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ මෙලෙස අතරමංව ඇතවයස අවුරුදු දහහතක පුද්ගලයෙකි. උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින්, සිදුකළ මෙම මුර සංචාරයේදී, එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු එම නිලධාරින් විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව ඔහුව බේරාගෙන නාවික හමුදාව විසින් ඔහු තම්මැන්නා ආයතනය වෙත රැගෙනවිත්, අවශ්‍ය පානීය ජලය සහ ආහාර ඇතුළු මානුෂික ආධාර ලබා දීමට කටයුතු කෙරුණි. තවද, මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා නාවික හමුදාව විසින් මුදාගත් පුද්ගලයා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබේ. පසුගිය ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට නොකඩවා මෙලෙස තෙල් මිල ඉහළ යමින් ඇත. බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48…
2025 ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමුන් 9,105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. “රටම එකට” ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් අද (10) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේය. එම අත්අඩංගුවට ගැනීම් අතර පිරිමි ළමුන් 8,931 දෙනෙකු සහ ගැහැණු ළමුන් 173 දෙනෙකු සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර, මත්ද්‍රව්‍ය ව්‍යසනය හේතුවෙන් 2025 වසරේදී පුද්ගලයින් 175 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බවද අනාවරණය වී තිබේ. ඉන් 172 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර තිදෙනෙකු කාන්තාවන් බව සඳහන් වේ. එමෙන්ම, 2026 වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 11…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වි හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ, මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව වාර්තා වේ. මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණයේය. එහිදී ඒ මහතා පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඉන් පිටව ගොස් තිබුණි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික උභයජල (amphibious) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක උත්සවය අද (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී පැවැත්විණි. නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව ‘Ocean Voyager International’ ආයතනය විසින් මෙම යාත්‍රාව නිෂ්පාදනය කර ඇති අතර, මෙය මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක ආරම්භයක් ලෙස සටහන් වේ.
