Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට පවතින ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් ප්‍රමාණය 50ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ. අදාළ වාර්තාව මගින් හෙළිව ඇත්තේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය සංචිතය තුළ දුම්රිය එන්ජින් 98ක ප්‍රමාණයක් පැවතියද මේ වන විට ධාවන කටයුතු සිදු කරනු ලබන්නේ 50ක් පමණක් වන බවය. එමෙන්ම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය දුම්රිය එන්ජින් 74ක් වන බවත් එහි සඳහන් වේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක සංඛ්‍යාවක් 2024 වසරේ පැවැති බවත් සදහන් වේ. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල…
සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාව යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කිරීමේ ව්‍යාපෘති මාලාවේ පළමුවැන්න අද (13) නිල වශයෙන් ආරම්භ කෙරුණි. ඒ, වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩදීය. රට පුරා ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 300ක ඉලක්කගත භූමිය මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමුවෙන්ම ජාතික විදුලි බල පද්ධතියට එක් කරන ව්‍යාපෘතිය මෙය වේ. එමගින් මෙගාවොට් තුනක ධාරිතාවයක් උත්පාදනය කරයි. ශක්තිමත් බලශක්ති උපායමාර්ග තුල රජය ඉහළ වැඩි දායකත්වයක් අත්පත්කර ගන්නා අතර පෞද්ගලික අංශය සඳහා ද හඳුනාගත් අංශයන් තුල මැදිහත්ව පුනර්ජනනීය බලශක්තිය දිරි ගැන්වීමට යෝජනා කර ඇත. එ් අනුව තෝරාගත් ප්‍රදේශයන් තුල පෞද්ගලික අංශයේ මැදිහත්වීම තුලින් මෙවැනි…
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා 43 වන වියේ පසුවන උගන්ඩා ජාතික ගොවියෙකු බව සඳහන්. මොහු උගන්ඩාවේ එන්ටබේ නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත. ඉන් පසුව, කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) උදෑසන ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති අතර, දහවල් වන තෙක් ගුවන් තොටුපොළේ පළමු මහලේ රැඳී සිට තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, ගුවන්…
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත් වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (13) දිනයේදී සිදුව ඇති බවය. කිරින්ද, හබරණ, අනුරාධපුර, මැදවච්චිය, හක්මණ යන පොලිස් වසම් තුළින් මෙම රිය අනතුරු වාර්තා වී තිබේ. ඊයේ අලුයම කිරින්ද පොලිස් වසමේ කිරින්ද තිස්සමහාරාම මාර්ගයේ විලමුල්ල ප්‍රදේශයේදී කිරින්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා තවත් පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇත. අනතුරින් මරණයට පත්ව ඇත්තේ…
උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (14) දිනයේ දී දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්වේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද (13) දින පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනයට අනුව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි ය. ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට බලධාරීන් දැනුම් දෙයි.
පාසල් පොත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නොච්චියාගම මහජන රැලියට එක්වෙමිනි. මේ සඳහා සැලැසුම් කර ඇති බවත් ඉදිරි අයවැයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාර්යෙන්ම සිදුකරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටී. මෙම වැඩවර්ජනය සදහා ඉතිහාසයේ ප්‍රථමවරට දුම්රිය මගී සංගම්වල සහය ද ලැබී ඇති බව සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය. දුම්රිය ප්‍රමාද වීම් ඇතුළු මගී ගැටලු සඳහා තවදුරටත් නිසි විසදුම් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වන බව හීන්දෙණිය, පට්ටිගොඩ එක්සත් දුම්රිය මගී සංගමයේ සභාපති ආර්.ඒ.රණතුංග මහතා සඳහන්…
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. සැකකරු අද කොළඹ අලුත්කඩේ අංක 3 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය. සැකකරු ඊයේ (11) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ශිරාන් බාසික් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවය. එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය…
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 828 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දිවයින පුරා සිදු කළ මෙහෙයුම් 828ක දීය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත. තවත් සිව් දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේය. දිවයින පුරා ඊයේ (11) දින සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 468ක්, අයිස් ග්‍රෑම් 542ක්, ගංජා කිලෝග්‍රෑම් 114යි ග්‍රෑම් 929ක් පොලිස් භාරයට ගෙන ඇත.
