Author: LANKA24X7

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණපා සිටින ගැටලු හා දුක්ගැනවිලි සෘජුව ඉදිරිපත් කර, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් ලබාගැනීමට අවස්ථාව සලසමින් විශේෂ මහජන දිනයක් පවත්වා තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන දිනය ඊයේ (16) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම අවශ්‍ය වන කරුණු සඳහා කඩිනම් අවධානය යොමු කරමින්, ඒවාට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. එහිදී මහජනතාව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් තමන් මුහුණපා සිටින විවිධ ගැටලු සහ දුක්ගැනවිලි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සෘජුව ඉදිරිපත් කර තිබේ.…

Read More

මෙරට ප්‍රථම බලශක්ති ගබඩා පද්ධතිය හා දියජනනි දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධිතය ස්ථාපිත කරනු ලැබීය. අනුරාධපුරයේ ඉදිකර ඇති මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙගාවොට් 10ක ධාරිතාවකින් සමන්විතය. එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද දියජනනි පාවෙන සූර්ය බලශක්ති පද්ධතියද අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය. දියජනනි සූර්ය බලශක්තිය මගින් මෙගාවොට් 5 ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු වන අතර එමගින් නිවාස 10,000කට…

Read More

පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. අද (17) නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්‍ය වාහන සඳහා වෙන්කරන ඉන්ධන ප්‍රමාණය 50%කින් අඩුකර තිබේ. කෙසේ වෙතත් සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සීමාව අදාළ නොවන බව එහි සඳහන්ය. අදාළ නිවේදනයට අනුව 2026/27 මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන නොවන වියදම්, අයවැයෙන් මාසිකව 5%ක් අඩු කිරීමටද තීරණය කර තිබේ. නව වාහන මිලදී ගැනීම සහ ඇතැම් කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීමද තාවකාලිකව තහනම් කර ඇති අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම සීමා අදාළ…

Read More

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී දක්වන ලද අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන්, අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ නම්කර තිබේ. සොනාල් ඉන්දියාවට එරෙහිව පැවැති එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය. එහිදී ඉනිම් 4ක් තුළ ශතක 3ක් සහ අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 420ක් රැස්කිරීමට ඔහු සමත් වූ අතර, දෙවන ටෙස්ට් තරගයේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඔහුට හැකිවිය. මෙම සුවිශේෂී දස්කම් සමගින් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 24වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සොනාල් සමත්ව ඇත. අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසාන් මහමුද් ද…

Read More

විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදීය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල…

Read More

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු සඳහන් කළේ, සිසුන් බඳවා ගැනීම තවත් සෑහෙන කාලයකට කල්දැමීමට සිදුවේ යැයි මෙම සාකච්ඡාවේදී සිය සංගමයට තේරුම් ගිය බවය. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ. එම අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇත. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කර තිබේ. නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Read More

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (16) අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ජනතාවට සමීප කිරීම, ලෝකයේ දියුණුතම උපකරණ සහ වෛද්‍ය ක්‍රම හඳුන්වාදීම සහ විධිමත් කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන යටතේ සෞඛ්‍ය සේවාව නගාසිටුවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සැලකිය යුතු කාලයකට පසු රටේ සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත මේ වන විට වර්ධනය කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.…

Read More