බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනට කඩුගන්නාවෙන් ආරම්භ කරනු ලැබීය.
අද ආරම්භ වූ මෙම පාගමන කෑගල්ල නගරය දක්වා පැමිණීමට නියමිතය.
ඊයේ (10) දළඳා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ නිදහසේ පාද යාත්‍රාව ඊයේ කඩුගන්නාව දක්වා ගමන් කරමින් එහි පළමු දිනය නිමා කරනු ලැබීය.
සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව නමින් එය ආරම්භ කෙරිණි.
අද දිනයේදී කෑගල්ල නගරය වෙත පැමිණීමෙන් අනතුරුව එහි දෙවැනි දිනය නිමාවීමට නියමිත අතර තෙවැනි දිනය ලෙස හෙට (12) දිනයේදී කෑගල්ල සිට වරකාපොල දක්වා ගමන් කිරීමටද නියමිතය.

