Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඊයේ (16) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩවර්ජනයක් මෙලෙස ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ වන විට ක්‍රියාත්මක දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ, “අපේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සාමාන්‍ය සම්ප්‍රදාය මත ඊයේ දුම්රිය ගණනාවක් අවලංගු වෙලා, මගීන් වැඩවර්ජනයට කලින්ම අපහසුතාවයට පත්වෙලා. මෙවැනි කාරණා නිසා තමයි අපි මේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්න කියන්නේ. අද දිනේ මේ වෙද්දිත් දුම්රිය සාමාන්‍යාධිකාරි සහ විධායක නිලධාරීන් දඟලන්නේ දුම්රිය ධාවනය…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය. එමෙන්ම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදිනම ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත. මේ වනවිට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක…
ප්‍රදේශ කිහිපයතකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව,ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි. අද (16) පෙ.ව.10.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය රාත්‍රී 11.30දක්වා වලංගු වෙයි.
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේය. ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය. එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන දෙකයි මිලියන එකසිය විස්සයි දහස් අටසිය පනස් හයයි දෙසිය පනහක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව මෙම මුදල් ලබන හෙට (17) සිට ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ. ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි. මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි.
අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා මගීන් සඳහා ආසන පටි පැළඳීම එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබේ. වාහන නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසන සඳහා ඒවා සවි කර ගැනීමට ලබා දී තිබූ සහන කාලය අවසන් කිරීම වෙනුවෙන් නිකුත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ නියෝග සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව ඇත. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීම…
රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, විශේෂයෙන්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සඳහා වන අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට කටයුතු යොදා ඇති බවය. මේ අනුව පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබා ගත යුතු අතර, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ…
කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ගමන් මලු දෙකක් තුළ සුළං නොවදින ලෙස පැකට් 60ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය, ඊයේ (14) තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියකු විසින් රැගෙන විත් ඇති බව සඳහන් වේ. ගුවන් තොටුපොළ තුළදී අත්අඩංගුවට පත්වීමට ඇති බිය නිසා අදාළ මගියා මෙම මත්ද්‍රව්‍ය තොගය අතහැර දමා පළා යන්නට ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැක කරයි. අදාළ ගමන් මලු රැගෙන ආ ගුවන් මගියා කවුරුන්දැයි අනාවරණය කරගැනීම සඳහා…
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජන තීරණය නොවෙනස්ව ඉදිරියට පවත්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර අද (14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ. අද ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උද්ගත වී ඇති පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව…
එල්නිනෝ තත්ත්වයේ බලපෑම මේ වන විට 100%ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින්, ආණ්ඩුව, විපක්ෂය සහ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම එක්ව ඊට සාර්ථකව මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය ඇමතූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙම භයානක තත්ත්වයෙන් මිදීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව විනිවිදභාවයෙන් යුත් ජාතික කථිකාවතකට මුලපිරිය යුතු බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් මෙම සංසදය මගින් ඒ සඳහා වන වැඩසටහන් ආරම්භ කරන බවද ඔහු පැවසීය. මිනිස් සම්පත මෙන්ම ඡන්ද බලය නොමැති සතා සිවුපාවා, වන සම්පත, පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර…
