Author: LANKA24X7

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ඊයේ (7) බාරදුන්නේය. මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

Read More

කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට (08) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.” ප්‍රශ්නය – ඔබතුමාලා මේ විදිහට ආයෝජනය කරලා මේ ව්‍යාපාරය පුළුල් කරනකොට විපක්ෂය චෝදනා කරනවා මේක විකුණන්න යනවා කියලා? “අපේ ඍජු දායකත්වයක් නැහැ. වගකීම් පැවරුණු කමිටුවක් ඉන්නවා. ඒ අයගෙන් අහන එක තමයි…

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ. ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි. පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දමන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමාන ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතය. කෙසේ වෙතත් මෙතෙක් එම පොරොන්දුව නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා පැවසීය. ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09…

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ එම මාර්ගගේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි.

Read More

ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) එම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, වලපනේ, කිලිනොච්චිය සහ මත්තේගොඩ යන පොලිස් වසම්වල බවය. වලපනේ, නිල්දණ්ඩාහින්න, කලගන්නවත්ත පටු වංගු සහ බෑවුම් සහිත මාර්ගයේ මාලිගාතැන්න ගල්පොත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිත්ෂයට පත්ව ඇත. බෑකෝ යන්ත්‍රයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මීටර් 09ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් එම අනතුර සිදුව තිබිණි. මේ අතර මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබිණි. අනතුරින් බරපතළ…

Read More

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (06) ඉවත් වුණි. මෙම අභියාචනා ඊයේ එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී. එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා මහතා සඳහන් කළේ, තමා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී…

Read More

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන රැගෙන ගෙන ඒමට නියමිතය. මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය කියයි. රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර්…

Read More

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් ඊයේ (6) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි “ඉමියුනෝගලොබින්” හා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන “රිටොක්සි මැප්”ප්‍රමිතියෙන් තොර යැයි කියන ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස නියෝග කළමාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බාල ඖෂධ එන්නත් වර්ග 45 මෙරටට ආනයනය කර ඇත්ද නැද්ද යන්න පිළිබඳ වාර්තාව ලබන 10 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරමින් දන්වා සිටියාය. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන රසායනාගාරයකට ප්‍රතිදය එන්නත් යොමු කිරීමේ නියෝගය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නිකුත්…

Read More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඊයේ (06) සවස පැමිණියාය. ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණියහ. එම පිරිස අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීය දුමින්ද දිසානායක මහතා ද වූහ. එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය. එහිදී ඇයවැඩි දුරටත් කියා සිටියේ පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇය පැන්නූ බවත්…

Read More