Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අමෙරිකාව විසින් ඉතාලියෙන් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට භාරදී තිබේ. මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම සංස්කෘතික දේපළ හුවමාරුවක් ලෙස සැලකෙන අතර, රෝමය සහ වොෂින්ටනය අතර පවතින දැඩි සහයෝගීතාව මෙයින් මනාව පිළිබිඹු වන බව සඳහන් වේ. පුරාණ රෝම මූර්තිවල සිට ග්‍රීක, එට්‍රස්කන් “Etruscan” සහ ඊජිප්තු කලාකෘති දක්වා විහිදෙන මෙම පුරාවස්තු සමූහය, ඉතාලියේ ‘කැරබිනියරි’ (Carabinieri) සංස්කෘතික ආරක්ෂක ඒකකයේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කෙරිණි. නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ සොයාගෙන ඇත. ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 3 වන සියවස දක්වා කාලයට අයත් රෝම කාසි, ස්වර්ණාභරණ, පිඟන් මැටි භාණ්ඩ සහ වාස්තු විද්‍යාත්මක කොටස් මෙයට ඇතුළත් වේ.
අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන්ය. පසුගිය අප්‍රේල් මස 20 වන දින අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිතව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි. එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම…
පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්නට මහතා වෙත අද (29) ලිපියක් යොමුකරමින් දන්වා තිබේ. සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට වික්‍රමරත්න මහතා ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත. සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වීම ද බවත් එහි සඳහන්ය. ඒ අනුව එසේ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ඉරාන් වික්‍රමරත්න මහතා මෙම තීරණය ගෙන ඇත.
හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ. උතුරු -මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල, මොණරාගල, වව්නියාව, මුලතිව්, සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මෙම උණුසුම් කාලගුණය පවතින බව සඳහන් වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට(30) දිනය සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය සඳහන්ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) භාරගෙන ඇත.
වැඩි මිලට සම්බා සහල් අලෙවි කළ කොළඹ 11 ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පස්වන හරස්වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැලක් සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත. වැටලීමේදී අනාවරණය වූයේ, රුපියල් 240ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක් රුපියල් 1425කට, එනම් කිලෝවක් රුපියල් 285 බැගින් පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බවය.
චීනයේ පැලැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තියේ රන් පදක්කම දින ගැනීමට නිපුණි වාසනා සමත් වී තිබේ. ඇය අවසන් තරගයේ දී වියට්නාම ක්‍රීඩිකාවක්වන ඩොන් ති කිම් ඕන්හ් 3-1 ක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම දිනා ගෙන ඇත.
අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බව සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකෙන අතර, එය ඉතිහාසගත සිදුවීමක් විය හැකි බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත. දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්…
