Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පසුගිය ජනවාරි 16වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව අදාළ සැකකරු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ වයස අවුරුදු 25ක් වන කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ එක් සැකකරුවෙකු මාර්තු 03වනදා ද අත්අඩංගුවට ගෙන තිබුණි. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මැදපෙරදිග කලාපයේ ඇවිලී යන යුද ගිනි දැල් හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු එනම් 2022 වසරෙන් පසු ඉහළම අගය සටහන් කරමින් බොරතෙල් බැරලයකයක් ඩොලර් 119.50 දක්වා අද (09) දිනයේදී ඉහළ ගියේය. එබැවින්, තෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ‘IEA’ සතු බැරල් බිලියන 1.2ක සමස්ත තෙල් සංචිතවලින් බැරල් මිලියන 400ක් පමණ එනම් 25% – 35%ක ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදාහැරීම පිළිබඳව G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද හදිසි සාකච්ඡාවක නිරත වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබේ. එම සාකච්ඡා මගින් ලබා ගන්නා විසදුම් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල…
ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆාන් සහ දකුණු ඉරානය යන ස්ථාන තුනට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබේ. මේ අතර ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. එමෙන්ම ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 1,200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පිරිස අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනී ඇතුළු උසස් නිලධාරින් පිරිසක් ද මිය ගියහ.
අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය. සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි. බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ද පැවසු ප්‍රභාත් ප්‍රියන්ත මහතා, බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24…
ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට ආයෝජකයින් දක්වන ප්‍රතිචාරය සහ යුදමය වශයෙන් පවතින අස්ථාවරභාවය හමුවේ ලන්ඩන් කොටස් වෙළඳපොළේ FTSE 100 දර්ශකය ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු කිහිපය තුළදී 1.4% කින් පහත වැටී තිබේ. මීට පෙර ආසියානු රටවල කොටස් වෙළඳපොළවල් ද දැඩි ලෙස පහත වැටුණු අතර, ජපානයේ Nikkei 225 දර්ශකය 5% කට වඩා වැඩි අගයකින් පහත වැටෙමින් දිනක ගනුදෙනු අවසන් කළේය. දකුණු කොරියාවේ Kospi දර්ශකය එක් අවස්ථාවකදී 8% කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටුණු අතර, ඒ හේතුවෙන් මිනිත්තු 20ක කාලයක් සඳහා ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි. කෙසේවෙතත් අවසානයේදී Kospi දර්ශකය 6%ක පහත වැටීමක් සමඟින් දිනක ගනුදෙනු අවසන් කර තිබේ.
වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජනවාරි මස පළමු වනදා සිට මාර්තු 2 වනදා දක්වා කාලය තුළ පමණක් අනතුරු 3642ක් වාර්තා වී ඇති බවය. එහිදී මාරක රිය අනතුරු 405ක් සිදුව ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 422ක් බව සඳහන් වේ. බරපතළ අනතුරු 866ක් වාර්තා වී ඇති අතර සුළු තුවාල අනතුරු 1730ක් සහ අලාභ හානි සිදු වූ අනතුරු 641ක් වාර්තා වූ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී මෙම නෞකාව අනතුරට ලක්විය. පසුගිය මාර්තු 4 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වූ මෙම නෞකාවේ සිටි 35දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය. පසුව ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. ඒ අනුව තවත් දස දෙනෙකු මේ වනවිටත් රෝහල්ගත ප්‍රතිකාර ගන්නා බව සඳහන්ය. IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84කගේ දේහයන්…
සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවයනය කිරීමේ වීඩියෝවක් සම්බන්ධව තරුණයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා අයෙකුත් වාහනවලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කළ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවට අනුව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවය. ඒ අනුව ඊයේ (08) දින සවස් කාලයේදී නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම යතුරුපැදිය ධාවනය කළ පැදිකරු අපරික්ෂාකාරී ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතයට තැත් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන…
ඉරානයට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සඳහා සහභාගී වන අමෙරිකානු ගුවන් හමුදාවට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් ඉරිදා බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධය පවසයි. අමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster සහ Lockheed C-5 Galaxy යන යානා මෙලෙස බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෝර්ඩ් ‘RAF Fairford’ කඳවුර වෙත පැමිණ ඇත. මෙම ගුවන් යානා පැමිණීමත් සමඟම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන් වේ. බ්‍රිතාන්‍යයට පැමිණි ගුවන් යානා, Boeing C-17A – හමුදා භටයින්, සන්නද්ධ වාහන සහ අවි ආයුධ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කළ හැකි යානයකි. Lockheed C-5 Galaxy – ලොව පවතින…
අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ. 1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇතැයිද සඳහන්. ඉරාන මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අවුරුදු 17දී ඔහු ඉරාන – ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවය. එමෙන්ම 1999 දී සිය ආගමික අධ්‍යනය කටයුතු සිදුකරගෙන යාම සඳහා ෂියා දේවධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති…
