හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ.
උතුරු -මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල, මොණරාගල, වව්නියාව, මුලතිව්, සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මෙම උණුසුම් කාලගුණය පවතින බව සඳහන් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට(30) දිනය සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

