අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
පසුගිය අප්‍රේල් මස 20 වන දින අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිතව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි.
එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා යාත්‍රා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේය.

