Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 87.88ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇමෙරිකානු බොරතෙල් බැරලයක් ඩොලර් 83.35ක් පමණ අගයක සටහන් වූ බව සඳහන්ය. ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2022 වසරේ ජුලි මාසයෙන් පසු පළමුවරට සඳුදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කළ අතර එය ඩොලර් 119 ක උපරිම මිලක් සටහන් වී තිබුණි. ඒ මැදපෙරදිග යුද උණුසුම ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙසයි. එවන් පසුබිමක ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිදුකළේය. එම ප්‍රකාශයත් සමග බ්‍රෙන්ට් වර්ගයේ…
මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, එම නෞකාව ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සහ වරාය සංචාරයක් සඳහා ආරාධනා කර තිබූ අවස්ථාවකදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අසළ මුහුදු සීමාවලදී ප්‍රහාරයකට ලක් වූ බවය. ඔහු X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘෘර ක්‍රියාවක්” ලෙස ය. එම සිද්ධියෙන් පසු නාවිකයන් බේරාගැනීම සඳහා පැවති මෙහෙයුම්වලට එක්සත් ජනපදය “බාධා කළ” බවටද චෝදනා කර තිබේ.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින 12ක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත. Update | 6.10 AM මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ. ඔහු X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘෘර ක්‍රියාවක්” ලෙස ය. ———————- Update | 5.10 AM සෞදි අරාබියේ නැගෙනහිරින් පිහිටි හමුදා කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර දෙසට ගමන් කළ බැලස්ටික් මිසයිල හයක් බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය…
ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ. එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා විසින් ඉල්ලා තිබේ. එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.
දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත්කළ එම නිවේදනය හෙට (11) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය. ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද (10) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වේ. එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරනු ලබයි. නඩු විභාගය අද ආරම්භ වූ අවස්ථාවේදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සිය වැඩිදුර දේශන ඉදිරිපත්…
තම රටෙහි යටිතල පහසුකම් වෙත එල්ල කෙරෙන එක්සත් ජනපද – ඊශ්‍රායල් ප්‍රහාර නතර නොකර දිගටම පවත්වාගෙන ගියහොත් ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ත් ඉක්මවිය හැකි බවයි ඉරානය අනතුරු අඟවා ඇත්තේ. එම අගය දීර්ඝ කාලයක් පැවතිය හැකි බවත් ඉරාන නිලධාරීන් දැඩි අනතුරු ඇඟවීමක් කළහ. CCTV ප්‍රවෘත්ති වලට අනුව, ඉරානයේ කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක මාර්තු 8 වන දින වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට මේ පිළිබඳව සෘජුවම අනතුරු ඇඟවීය. “බොරතෙල් මිල බැරලයකට ඩොලර් 200 ට වඩා ඉහළ යාම ඔබට ඉවසිය හැකි නම්, මෙම ක්‍රීඩාව දිගටම කරගෙන යන්න” යි ඊයේ මාර්තු 9 වන දින ඉරාන කථානායක මොහොමඩ්-බාගර් ගලීබාෆ්…
පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ලෙබනනයේ සමාජ කටයුතු අමාත්‍ය හනීන් සයිඩ් පෙන්වා දෙන්නේ රජයේ නවාතැන් 560ක් මේ වන විට අවතැන්වූවන් සඳහා විවෘත කර ඇති බවය. ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීය.
කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ. විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබානොදිම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (09) සවසට 3ට ආරම්භ වූ අතර, එය පැය 24ක් පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලි වෘත්තීය සංගම් පවසයි. සිය ඉල්ලීම් සදහා විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ තිව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේය. කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය අහෝසි…
