Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බව එහි දත්තවල දැක්වේ. ඒ අනුව සතියක් ඇතුළත ඉරානය තුළ සිදුවූ දෙවන භූමිකම්පාව මෙය වේ. පසුගිය අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවක් ඇති විය. එය කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදුවී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.
2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි. 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. මේ අතර, 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර්…
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදසේ වාර්තා පවසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස තෙල් මිල ඉහළගොස් ඇත්තේ වසර 2කට පසුවය. අවසන්වරට 2023 වසරේදී සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවේ බොරතෙල් මිල ඉහළගොස් තිබී ඇත.
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට එහි සඳහන් වේ. අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව කියයි. මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට අමෙරිකාව ඉල්ලා ඇති බව සඳහන් වේ. බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද…
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් පිවිස එහි දත්ත සොරාගත් ආකාරය ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ. එමගින් කමේනිගේ එදිනෙදා ගමන්, රථවාහන ගාල් කරන ආකාරයේ සිට ඔහුගේ ආරක්ෂකයින්ගේ වැඩ මුර වැනි සියුම් කරුණු ද සමීපව නිරීක්ෂණය කර ඇති බවත් මෙහිදී අනාවරණ කෙරුණි. ඒ ඔස්සේ ලබාගත් දත්ත ජාලයක් සකසනු ලැබ ඇත්තේ මොසාඩ් සංවිධානයේ එයිටි ටූ හන්ඩ්‍රඩ් නම් ඒකකය මගිනි. ප්‍රහාරය එල්ල වූ දිනයේදී කමේනිගේ කාර්යාලය තුළ දුරකථන සන්නිවේදන ක්‍රියාවලියට බාධා කර ඇති අතර, එහි සිටි ඔත්තුකරුවන්ගේ ද සහායෙන් යුතුව සැලසුම තහවුරු කර ඇති බව වාර්තා වෙයි. මෙවන් ප්‍රහාරයක් එල්ලවනු…
මෙරට අවසන් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අවුරුදු 12 දරුවන්ගේ දත් දිරා යාම 30%ක ප්‍රතිශයක පැවතුණු බවත් පළමු මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ එම තත්ත්වය 70%කට ආසන්න වූ බව දන්ත සේවා විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. එළැඹෙන මාර්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙරට ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් අවසන් වරට මෙරට තුළ සිදුකර ඇත්තේ 2015-2016 වසරේදී වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ වසර 10කට වරක් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පැවැත්වීම බවය. ඒ අනුව වසර 10ක්…
මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි. ඔහු පෙන්වාදෙන්නේ යුද ගැටුම් කඩිනමින් අවසන් වුව ද ඉන් සිදුවන බලපෑම් යථා තත්වයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවය. ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය විසින් කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබීය. කටාර්හි පිහිටි අමෙරිකාවේ විශාලතම හමුදා කඳවුර වන අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුර වෙත අද දිනයේ ද…
මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවය. පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති බවත් එය මෙම ප්‍රමාදයට හේතුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය. “ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන්…
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. ඊයේ (5) දිනයේ උපරිම වර්ෂාපතනය මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන්…
අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අපරාධ සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කිරීම් කළද එම ජාලය පරිහරණය කරන ඇතැම් වංචාකාරී පුද්ගලයන්ගේ උගුල්වලට හසුවන පිරිස්වල අඩුවක් තවමත් දක්නට නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මේ අතර මුහුණු පොත හරහා සිදු කෙරෙන වංචාවන් සහ රැවටීම් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යන බවද වාර්තා වේ. මෙලෙස රැවටීම්වලට හසුවන බොහොමයක් කාන්තාවන් වීමද විශේෂත්වයකි. මීට මාස කිහිපයකට පෙර නිරූපිකාවන් ලෙස පෙනී සිටීමට කැමැති යුවතියන්ට සහ පාසල් ශිෂ්‍යාවන්ට මුහුණු පොත ඔස්සේ කෙටි පණිවුඩ එවමින් ඔවුන් රවටා ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබාගැනීමේ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි. ගුරුවරියක් විසින් එම කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව…
