Author: LANKA24X7

යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය සමාලෝචනය කිරීම සහ මහ කන්නය සඳහා  පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සූදානම සම්බන්ධයෙන් පොහොර සමාගම් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය  නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පොහොර ආනයනය සහ බෙදා හැරීම පිළිබඳ පොහොර සමාගම්වල ඇති සූදානම සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලූ ජනාධිපති ලේකම්වරයා, ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳවද විමසා බැලීය. මහ කන්නයට හිඟයකින් තොරව නිසි පරිදි පොහොර ලබාදීම වෙනුවෙන් පොහොර ආනයනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය කාල සටහනකට අනුව සිදු කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී…

Read More

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් රජය තුළ සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ රජය ඒ පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති නමුත් විවිධ වෘත්තිකයින්ගෙන් මේ සඳහා යෝජනා පැමිණ ඇති බවය. කෙසේ නමුත් විවිධ වෘත්තිකයින් කොවිඩ් කාලසීමාවේදී රට හැර ගොස් තිබූ බවත් වෘත්තිකයින් සම්බන්ධව අවධානය යොමු කරමින් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය…

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් හෙළාදැක තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පිළිබඳ පරීක්ෂා කරබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවය. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් භයානක තත්ත්වය තම පක්ෂය දකින අතර, සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ, මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගනු ලබන සෑම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ…

Read More

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ. පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ  ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් ඔහු මෙලෙස ආහාර වර්ජනයේ නිරතව සිටින බව සඳහන්ය. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති…

Read More

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. ඒ නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 115ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි. ඒ අනුව, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 106කි.

Read More

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙසට ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට එළඹීමෙන් පසු එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වන බවය.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර  තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවය.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ගබඩා කරගත හැකි ජල ධාරිතාවෙන් සියයට 63ක ප්‍රමාණයක ජලය රැස්කරගෙන තිබේ. ඒ හේතුවෙන් යල කන්නට අවශ්‍ය ජලය නිසි පරිදි ලබාදීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව අම්පාර 41%, අනුරාධපුරය 81%, බදුල්ල 74%, මාතලේ 49%, බදුල්ල 74%, ගාල්ල 72%, මහනුවර 93%, කුරුණෑගල 86%, මොනරාගල 76%, පොළොන්නරුව 71%, පුත්තලම 93%, ත්‍රිකුණාමල 68%, මන්නාරම 76% ලෙසින් ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පවතින බව සඳහන්වේ. කෙසේවෙතත් ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read More

සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා, එහි ගමන් ගත් පුද්ගලයින් 49 දෙනෙකු දැඩි පිපාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන්ගේ මළසිරුරු ඊයේ (5) සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි ‘අසමකා’ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 80කට වඩා (සැතපුම් 49) බටහිර දෙසින් මෙම ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව නතර වී ඇත. මියගිය සියලු දෙනා නයිජීරියානු ජාතිකයින් වන අතර, ඔවුන් මාලි රාජ්‍යයේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වී නැවත සිය රට බලා පැමිණෙමින් සිටියදී මෙම බිහිසුණු ඛේදවාචකයට මුහුණ පා තිබේ. කෙසේ නමුත් මෙම අනතුරෙන් දෙදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත. ඔවුන් ජලය සොයා කිලෝමීටර් 50කට…

Read More

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව, තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි. එම වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණයකට අනුව, ලෝකයටම බලපෑ මෙම අර්බුදයෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හා සෝමාලියාව යන රටවල් සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම් මත මෙලෙස මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය. එම වාර්තාවට අනුව සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව තවත් මිලියන 2.5කින් ඉහළ ගොස් ඇත. ඇෆ්ගනිස්තානයේ එම තත්ත්වය මිලියන 2.3කින්…

Read More