Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවය. එමෙන්ම පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ. මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. ඒ අනුව පවුල් 23,048ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අනුව වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහිදී…
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. මේ අතර අගෝස්තු 01 වනදා සිටි 18 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 125,562ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ. අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 27,884ක් වේ. දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 13,980ක් ලෙසද සටහන් වී තිබේ. තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් ප්‍රංශයෙන්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග…
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) පස්වරු 4.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමකට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානම් වීම් සිදුකරන ලෙසත් දැනුම් දී තිබේ.
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. ඒ අනුව, මන්නාරම හරහා කන්කසන්තුරය සිට හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ…
මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකු වාර්තාවකට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ ගතවූ මාස 7ට සංචාරක ආදායම ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,796.7කි. කෙසේ නමුත් පසුගිය වසරේ එම කාලය තුළ සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් උපයා ගෙන තිබුණි. ඒ අනුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාලය තුළ සංචාරක ආදායමෙන් ලැබූ ආදායම 11.5%කින් පහළ යාමක් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකුව පවසයි. එමෙන්ම පසුගිය වසරේ ජූනි මාසයේදී සංචාරක ආදායමමෙන් අමෙරිකානු ඩොලර් මිලියන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබේ. පසුගිය 20 වැනිදා ඇය නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට 82 වියේ පසුවූවාය. අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී 1943 අගෝස්තු 23 වනදා නන්දා මාලනී මහත්මිය උපත ලැබුවාය. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමි විය. කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකරයන් විසින් මෙහෙය වූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ…
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (23) පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින් වීථි සංචාරය කිරීමට නියමිත තිබේ. මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතය. මෙම කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලයේදී භාවිත කළ හැකි විකල්ප මාර්ග ද පොලීසිය විසින් හඳුන්වාදී තිබේ.
එල් නිනෝ තත්ත්වයේ හමුවේ දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81,865දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ දිස්ත්‍රික්ක 7ක, පවුල් 25,628ක් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට මෙම එල් නිනෝ බලපෑම එල්ල වී ඇති අතර, ඉන් පීඩාවට පත් පුද්ගලයින් 72,153දෙනෙකු වෙත මේ වන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බව එම නිවේදනයේ සඳහන්. දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේ දී මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ එම පිරිසට පානීය ජලය…
