අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක්, නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මෝහිනී ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11ට පමණ නල්ලතන්නි පොලීසිය වෙත පැමිණ තමන්ට ශ්‍රී පාද සංචාරයක් සඳහා යෑමට අවශ්‍ය බව පවසා ඇත.
එහිදී පොලිස් නිලධාරීන් එම පිරිස හමුවේ පවසා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමඟ රාත්‍රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා ඒ සඳහා අද දින උදෑසන පැමිණෙන ලෙසයි.
පසුව එම පිරිස නාවාතැනක් සොයාගැනීම සඳහා ආපසු මෝටර් රථයෙන් යන අතරතුර (19) දින රාත්‍රී 12ට පමණ මෝහිනී ඇල්ල ප්‍රදේශයේදි මාර්ගයෙන් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත්, අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වුවත් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පිළිබඳ නල්ලතන්නිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

