මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (19) සවස 6.41ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට නියමිතයි.
දෙවන කුඹල් පෙරහැර සඳහා ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙල සහ රථ වාහන සැලැස්ම පොලීසිය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව, අද දෙවන කුඹල් පෙරහර මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාළිගාවට ගෙවැදීමටනියමිතව ඇත.
ශ්‍රී දළදා මාළිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟ පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

