Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහොය දිනයක් ලෙසින් සැලකෙන ඇසළ පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද දවස සුවිශේෂී වෙනවා. අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වන් දිනකයි. එමෙන්ම සිදුහත් කුමරු ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය. එමෙන්ම බුදුහිමි විසින් ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි. මෙවැනි උතුම් කාරණා රැසක් මූලික කරගනිමින් ඇසළ පොහොය බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වේ.
ඉරානය සමග ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුද්ධය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් ඉරානය පවසන්නේ තමන් අමෙරිකාව සමග සෘජු සාකච්ඡා කිසිවක් සිදුකර නොමැති බවය. අඛණ්ඩව තෙවන දිනටත් ඊයේ (27) දිනයේ දී ද ඉරානය සහ අමෙරිකාව අතර යුධ ගැටුම් සිදු නොවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය සිකුරාදා ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ඉරානය ද මේ වන විට සිය ප්‍රහාර නතර කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට පක්ෂව ඡන්ද 82ක් ලැබී ඇති බවය. අපරාධ අධිකරණයේ කනිෂ්ඨ සේවිකාව සමඟ නුසුදුසු ලිංගික සබඳතාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරීම් ඛාන් පසුගිය මාසයේදී වැඩතහනමකට ලක් වූ බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අධිකරණයේ අධීක්ෂණ මණ්ඩලය ජූනි මාසයේදී අනාවරණ කර සිටියේ, ඔහු අදාළ සේවිකාව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරියට ගෙනායාම වැළැක්වීමට උත්සාහ කරමින් බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීමක් සහ බරපතළ චරිත දූෂණයක් සිදු කර ඇති බවය. කෙසේවෙතත් ජාත්‍යන්තර අපරාධ…
නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි. ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී එය මනා පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පවසයි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ක්‍රීඩාව තරගයකින්…
බදු ගෙවිම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. බදු ගෙවිම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැදවනු ලැබීය. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කෙරිණි.
පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් 6දෙනෙකු රවටා මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු හොරණ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කාන්තාව එම ව්‍යාපාරිකයින් රවටා ඔවුන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ඇය කලක පටන් එම ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇති අතර ඊයේ (18) ඇය සිරිකොතට පැමිණ සිටින බවට ලද තොරතුරුක් මත එම ව්‍යාපාරිකයින් එහි ගොස් තිබේ. එහිදී ව්‍යාපාරිකයින් හා කාන්තාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර මිරිහාන පොලිසිය මගින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. පසුව මිරිහාන පොලීසිය විසින් සිදු කරන ලද…
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,321 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (18) දිනයේදී රෝගීන් 843 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්ය. ජූලි මස පළමු දින 18 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 19,943ක් හඳුනාගෙන ඇත. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 39,667කි. දකුණු පළාතෙන් රෝගීන් 11,610ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6,325ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,305ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය. ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,762ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,000ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,280ක් හඳුනාගෙන ඇත. ඩෙංගු ආසාදනයවීම හේතුවෙන් මේ…
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි. ඒ අනුව පසුගිය 13 වැනිදා සිට 17 වැනි දින දක්වා වූ දින 4ක කාලයක් තුළ මෙම වී තොගය මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ වන විට විශාලතම වී අස්වැන්න අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය. මීට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියා යන දිස්ත්‍රික්කවලින් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද වැඩි වී තොග ප්‍රමාණයක් මිලදී ගත් බවද ඒ මහතා සඳහන් කළේය. යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන අතිශයින්ම වටිනාකමක් නොමැති සහ විශ්වසනීයත්වයෙන් තොර බව ඉරානය පවසයි. එරට උත්තරීතර නායක මොජ්තාබා කමේනි සෙනසුරාදා ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ, දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළි යළිත් උල්ලංඝනය කරමින් සිටින බව මොජ්තාබා කමේනි අවධාරණය කළේය. සටන් විරාම ගිවිසුම බිඳවැටීමෙන් අනතුරුව අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හුවමාරුවීම පසුගිය සතියේ සිට ආරම්භ විය.
