Author: LANKA24X7

රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට පත්වී තිබේ. ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත. එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුය.

Read More

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,000ට ළංවී තිබේ. ඒ අනුව ඊයේ (05) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 88,088ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. මෙම මස ගෙවුණු කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,739ක් වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර,එය ප්‍රතිශතයක් ලෙස 21.27%කි. මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,490ක්ද, මහනුවරින් 6,195ක්ද, මාතරින් 5,910ක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් 5,753ක් ලෙසද වාර්තා වෙයි.

Read More

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඒ මහතා, මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසද කටයුතු කළේය.

Read More

හෝමුස්  සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රකාශයත් සමඟ ගෝලීය බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75 දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම පිළිබඳ අපේක්ෂා ඉහළ යාම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ සැපයුම් අවදානම් පිළිබඳ තිබූ අවිනිශ්චිතාවය අඩු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read More

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව වාර්තා වෙයි. ඒ, ගම්පහ සහ දාරළුව අතර දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයේ පුද්ගල මළසිරුරක් තිබීම හේතුවෙනි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළසිරුර ඉවත් කරන තෙක් දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවනු ඇති බව වාර්තා වෙයි.

Read More

හැටන් අධ්‍යාපන කලාපය හැර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද (05) සිට යළි විවෘත කිරීමට නියමිතය. පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති විය හැකි ආපදා සැලකිල්ලට ගෙන අදාළ දිස්ත්‍රික්කයන්හි සියලුම පාසල් වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික් 9ක පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 3,014 කට අයත් පුද්ගලයින් 11,832දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. ආපදා අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. එමෙන්ම ආපදා අනතුරුවලින් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව…

Read More

බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි. තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක්…

Read More

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල භෞතික සහ මූල්‍ය ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සහ 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සාහ කළ  පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජූලි 31වනදා තෙල්දෙණිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 385ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන, තෙල්දෙණිය අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකර ඇත. එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 795 ක් ද සමඟ තැන්නේකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. කෙසේවෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය…

Read More

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සදහන් කළේ ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරිම, අභියාචනාධිකරණයේ සහ මහාධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර 6කට සීමා කිරීම යන යෝජනා අදාළ පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි. පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒසම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ හැකියාවක් පවතින බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහත, “අද දිනයේදී මේක තමයි…

Read More