Author: LANKA24X7

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඊයේ (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගනු ලැබීය. එහිදී රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්විය. තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව, සහ පොලීසිය යෙදවීමටද පියවර ගෙන තිබුණි. එමෙන්ම ඇති වූ නොසන්සුන්තාවය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 දරන ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානායක් යෙදවීමටද පියවර ගනු ලැබීය. ඊයේ දිනයේදී වාර්තා වූයේ රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ…

Read More

මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ. එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇති කිරීමට පියවර ගැනිණ. ඉන් රැඳවියෙකු මිය ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසට පොලීසිය ඉල්ලීමක් ද සිදු කර තිබේ. කෙසේවෙතත් රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් මේ වනවිටත් ඒ අවට රැඳිසිටිති.

Read More

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (01) දිනයේදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි…

Read More

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය. මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය. ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ රුමේෂ්ගේ දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කරගතේය. මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේචී බර ඉසලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු ශ්‍රි ලංකාව දිනූ රන් පදක්කම විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට ඔහුට එරෙහිව අදාළ චෝදනා ගොනු කර තිබුණි. කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි මහාධිකරණ නියෝගයේ සඳහන් කර ඇත විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයා අද (30) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. ඒ, මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේදීය. එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහතා මෙලෙස සාක්ෂි ලබා දී තිබේ. පස්වරු 1.00ට පමණ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර, එය පස්වරු 3.00 පමණ වනතුරු පැවැත්වී තිබේ. සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් බවයි. එම තොරතුරු හෙළිදරව් වීමෙන් රටේ…

Read More

මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඉරානයට එරෙහිව දැවැන්ත සහ ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු හමුදාව නිවේදනය කරයි. අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (Centcom) ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, පසුගිය අඟහරුවාදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට එරෙහිව මෙම “ප්‍රබල ප්‍රතිචාරය” ලබා දුන් බවය.

Read More

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්  සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජුලි මස 23 වන දින රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ මිනීමැරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ නැමැත්තා ඉලක්ක කරගනිමිනි. රොෂාන් නැමැත්තාගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි අයෙක් හිස් වැසුමක් පැලඳ එම උත්සව ශාලාව තුළටම ගොස් අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. කෙසේවෙතත් ඉලක්කය වැරදීමෙන් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ, රොෂාන් නැමැත්තා අසල සිටි අයෙකුට බව පසුව අනාවරණය වුණි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ…

Read More

අමෙරිකානු සංචාරය අතරතුරදී යුක්‍රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි , එරටට බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් බේරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල අවශ්‍යතාවය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් සභිකයන් දැනුවත් කර තිබේ. ශීත කාලය එළැඹීමට පෙර රුසියානු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා යුක්‍රේනයට “පේට්‍රියට්” ආරක්ෂක පද්ධති සඳහා යොදාගන්නා මිසයිල 300ක් අවශ්‍ය වී තිබේ. යුක්‍රේනය සතුව රුසියානු සහ ඉරාන ඩ්‍රෝන යානා විනාශ කළ හැකි ඩ්‍රෝන තාක්ෂණය තිබුණද, රුසියාවෙන් එල්ල වන බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් බේරීමට අවශ්‍ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල විශාල හිඟයක් පවතී. වොෂින්ටන් නුවර අම‍ෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී සෙනෙට් සභිකයන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ තමන්ට මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ…

Read More