Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන 3ක් එකට ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ. කොක්මාදූව හා ඉමදූව අතර කොටසේ 115 වැනි කණුව ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇත. අනතුරෙන් එක් වාහනයක් පෙරළීමට ලක්ව ඇති අතර, දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ. වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි. අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959දෙනෙකු හඳුනාගෙන ඇත. සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් රෝගීන් 47,824 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් රෝගීන් 13,361ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී ඇත. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන්…
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (11) පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසා සිටියේ, පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවය.
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
අගෝස්තු මාසයේ මුල් දින 06 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 42,810ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,827ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 18%ක් වේ. එමෙන්ම, චීනයෙන් 3,031ක්, එක්සත් රාජධානියෙන් 4,922ක් සහ ප්‍රංශයෙන් 3,908ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. තවද, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 06 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,386,228ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අතරින් ඉන්දියාවෙන් 346,057ක් සහ එක්සත් රාජධානියෙන් 135,323ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.
මෙරට දකුණු කොරියානු තානාපතිනි මියන් ලී සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද (10) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. එහිදී දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සහ වර්මානයේ මෙරට පවතින ආර්ථික, දේශපාලනික සහ සාමාජීය තත්වය පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳව සාකච්ඡා කර ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරිස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකු මෙම අවස්ථාවට සහභාගී විය.
දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (10) පෙ.ව. 07.00 සිට හෙට (11) පෙ.ව. 07.00 දක්වා ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ. ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ට වඩා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. එබැවින් නැවත දැනුම්දෙන තුරු මෙම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබේ.…
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට නම්, වන්දි ගෙවීම්, සම්බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන නැවැත්වීම ඇතුළු කොන්දේසි අමෙරිකාව සපුරාලිය යුතු බව ඉරානය නැවතත් අවධාරණය කර සිටී. පසුගිය පෙබරවාරි අගදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම මුහුදු මාර්ගය වසා දැමීය. ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කළේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය වන නමුත්, අමෙරිකාව තම ඉල්ලීම් ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවය. අමෙරිකාව ජූනි…
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය අනුග්‍රහය ලබන ‘මෙහර්’ (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මියයාමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් අනතුරුව මෙම වීඩියෝව නිකුත් කිරීම විශේෂත්වයකි. තත්පර 12ක කෙටි වීඩියෝ පටයක් ලෙස මෙය නිකුත් කර ඇත. මොජ්තාබා කමේනි සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන අයුරු එහි දැක්වේ. වීඩියෝවට අනුව ඔහු ඉතා සන්සුන්ව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිරූපණය…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදීය. ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු ඊට ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි. ඒ අනුව උදෑසන 9.30ට විභාගය ආරම්භවීමට නියමිත අතර සියලු සිසුන් උදෑසන 09වන වන විට විභාග ශාලාවේ අසුන් ගෙන සිටිය යුතු බව විභාග කොමසාරි ජනාරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි මහත්මිය කියා සිටියාය. ප්‍රථමයෙන්ම…
