Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම මෙම ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව විසින් සිය යටිතල පහසුකම් ඉලක්කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවය. යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ එල්ල කළ ද බවද මොස්කව් නගරාධිපතිවරයා පැවසීය. මෑත සති කිහිපයක සිට රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තීව්‍ර කර තිබේ.
සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ. අදාළ ඉන්වොයිස් ආකෘතිය නිකුත් කිරීම ජුලි මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ව්‍යාපාරික ප්‍රජාවට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කර ගැනීමට සහන කාලයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කර ඇත්තේ පසුගිය අගොස්තු 13 වන දින වනවිට සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,436,926ක් ලෙස වාර්තා වී ඇති බවත් ඒ අතුරින් 358,608ක් ඉන්දීය සංචාරකයින් බවය. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 140,892ක්, චීනයෙන් සංචාරකයින් 94,890ක්, ජර්මනියෙන් සංචාරකයින් 83,965ක් මෙරටට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ලෙස සටහන් වී ඇත. මේ අතර අගොස්තු මාසයේ ගතවු දින 13ක කාලය තුළ සංචාරකයින් 93,511ක් දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව අගෝස්තු මාසයේදී පළමු සතිය තුළ සංචාරකයින් 49,759ක් සහ දෙවැනි සතියේ දින 6ක් තුළ සංචාරකයින් 43,752ක් මෙරටට පැමිණ ඇත. එම සංචාරකයින් අතුරින් වැඩිම…
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හා කුඩා ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත බැස ඇති අතර, එමගින් ජනතාව සහ සත්ව ප්‍රජාව දැඩි පානීය ජල අර්බුදයකට මෙන්ම වගා හානි රැසකට ද මුහුණ දී සිටිති. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට 37% දක්වා පහත බැස ඇත. විශේෂයෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා වැව්වලට මෙහි දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ පාලනය කිරීම සිදුවන්නේ ප්‍රධාන ව්‍යුහ කිහිපයක් යටතේ. ඒ අනුව විශාල වැව්, ජලාශ මහවැලිය සහ වාරිමාර්ග…
මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (15) පස්වරුවේ මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවය. එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු මියගොස් ඇති අතර ඔහු 19 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය. දියේ ගිලී අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.
2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ හෙල්ල විසි කිරීම ඉසව්වක මීටර 90කට වැඩි දුරක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මීට පෙර මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි මීටර් 89.72ක දුරක් වාර්තා කරමින් 1998 වසරේදී රන් පදක්කමක් දිනාගත්තේය. ඒ අනුව ජුලියන් වෙබර් මෙවර බිඳ හෙළනු ලැබූවේ වසර 28ක් පැරණි වාර්තාවකි. ඔහුගේ මෙම මීටර් 90.40ක දක්ෂතාවය මේ වසරේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව වේ. එය දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග වාර්තා…
සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ එම දේවාලයේ පෙරහැර අද උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවය. පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිතය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පෙරහැර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය එම ප්‍රදේශය ඔස්සේ…
මෙරට ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් රටතුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන සැලසුම් මේ වන විට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ එළැඹෙන යල කන්නයේ අස්වැන්නෙන් මෙරට වාර්ෂික අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් සපුරා ගැනීම ප්‍රධාන අරමුණ බවය. මෙරට වාර්ෂික ලොකු ලූණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 320,000ක් පමණ වේ. ඉතිහාසයේ ඉහළම ලොකු ලූණු නිෂ්පාදනයක් සිදුකර ඇත්තේ 2014 වසරේ වන අතර එම වසරේ දී හෙක්ටයාර් 6,000කින් ලබාගෙන ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂයකි. කෙසේ වෙතත් නිෂ්පාදන වියදම ඉහළ යාම මෙන්ම අඩුමිලට ආනයනික ලොකු ලූණු මෙරට වෙළඳපොළේ විකිණීම වැනි කරුණු ගොවීන් ලොකු ලූණු වගාවෙන් ඉවත් වීමට හේතු වී ඇත. ඒ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං අපේක්ෂා කෙරේ. මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කිසිදු ආකාරයක පසුතැවීමක් ඇතිනොවන දීප්තිමත් අනාගතයක් තනාදීමේ ස්ථාවර සැලැස්මක් සර්වජන බලය සතුව ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ “සර්වජන Youth Vibe 26” වැඩසටහනට එක්වෙමිනි. “අද අපි මේ ඔබ ආමන්ත්‍රණය කරන්නේ තවත් දේශපාලන රැස්වීමක නෙමෙයි. අපි මේ ඔබට කතා කරන්නේ. ආදරය හා සෙනෙහස රැගෙන ඇවිල්ලා හදවතින් ඉතිහාසයේ මේ තාරුණ්‍යයට කොහේ හරි තැනක අසාධාරණයක් වුණා නම්, මේ රටේ දේශපාලනය තුළ, එය නිවැරදි විය යුතුයැයි බරපතළ ලෙස විශ්වාස කරන කණ්ඩායමක් හැටියට. තවම සර්වජන තරුණ පෙරමුණ, විශ්වාස කරන දර්ශනය මෙන්න මේ දර්ශනය. ඒ අපි අද ඔබට ආමන්ත්‍රණය කරනවා එකම එක. එකම එක කරුණක් අලලා…
