Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි. ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මේ අතර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං විටින් විට ඇති විය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන්…

Read More

මෙරට බටහිර මුහුදේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය ගැන රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන් පවසයි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයාගේ සම සහාපතිත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවත් වූ කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩලය සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු  වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන් බඳවා ගැනීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය විමසා බැලීම ද මෙහිදී සිදුකළ බවය. එමෙන්ම රජයට…

Read More

“ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ එම බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්ව තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා විය. දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන කසළ කළමනාකරණ නව වැඩසටහන පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ පිහිටුවීම කෙරෙහිද මෙම හමුවේදී අවධානය යොමු කෙරිණි. තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත් කිරීම සහ කොළඹ මහනගර බල ප්‍රදේශය තුළ කසළ කළමනාකරණය, නගර අලංකරණය, ඇළ මාර්ග පිරිසිදු කිරීම, මලාපවහන පද්ධති නවීකරණය කිරීම, උද්‍යාන…

Read More

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස  එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත.

Read More

ජපානයේ චිබා ප්‍රාන්තයේ දී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ඝාතනය ඔහු සමග ලැගුම්හලේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකර ඇති බව සඳහන් වේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග මෙම පහරදීම සිදුව ඇති බව එරට පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ. සැකකාර 18 හැවිරිදි තරුණයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තමාට සහ සිය තම මවට අපහාස කිරීම නිසා ඇති වු කෝපය පාලනය කරගත නොහැකිව මෙම පහරදීම…

Read More

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ. ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් නිකුත් කරමින් ඇය මේ බව පවසා ඇත. මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවට ඇය මෙම ලිපියෙන් අනතුරු අඟවා තිබේ. දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම මගින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ගැටලු මතු විය හැකි බව අදාළ ලිපියෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයි පවසයි. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ…

Read More

මත්පැන්වලින් රජයට ලැබෙන බදු ආදායම විධිමත් කිරීම සඳහා ඩිජිටල් ආරක්ෂක සලකුණු යෙදීම ආරම්භ කළද, තවමත් ප්‍රමාණාත්මක ලෙස ආදායම් බදු ඉහළ ගොස් නැතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිව තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පසුගියදා රජයේ මුදල් කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී තිබේ. ඒ අනුව අද පස්වරු එකට අදාළ සාකච්ඡාව පවත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය , විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක , සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යෙය් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබීය. ඒ අනුව, ඊට අදාළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණි. එවන් පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව…

Read More

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමෙරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් ඝන මීටර් 15,000 බැගින් වූ ඉන්ධන ගබඩා ටැංකි දෙකක් සහ ඝන මීටර් 10,000ක ධාරිතාවකින් යුත් තවත් ඉන්ධන ගබඩා ටැංකියක් ඉදිකිරීම සඳහා 2025 ජුනි 2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සුදුසු තීරණ ගැනීමට බලශක්ති හා පරිසර අමාත්‍යවරුන් වෙත උපදෙස් ලබාදීමට…

Read More