Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය. වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරි පිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය. කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළෙඳපොළට ආනයනික කිරි පිටි නිකුත් කරන අතර මේ වන විට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරි පිටි…
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 221,953ක් වේ. එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ. මේ අතර මැයි මස පළමු දින සිට 17 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 75,465දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී…
දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ. රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂාව ද දැඩි කර තිබූ බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය චීන සංචාරය අවසන් කර සතියක් යාමට මත්තෙන් මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය සංවිධාන වීම විශේෂත්වයකි.
දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභිසදී පැවැත්වේ.
2026 වර්ෂයේ පළමු මාස 06 තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී. 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ජල ගාස්තු සූත්‍රය අනුව ප්‍රධාන පිරිවැය සාධක වල ඇති වන වෙනස්කම් සැලකිල්ලට ගෙන ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුව තිබේ. 2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ප්‍රකාශය මතපදනම්ව සිදු කරන ලද විශ්ලේෂණය අනුව, වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව තහවුරු…
ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය. වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත. අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවලට සහභාගී නොවන ලෙස එරට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත. ඉබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඉරිදා දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කරනු ලැබීය.
අමෙරිකාවේ, සැන්ඩියාගෝ හි විශාලතම මුස්ලිම් පල්ලියක එරට වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11.53ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර එම වෙඩිතැබීම සිදුකළ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු පල්ලිය ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සොයා ගත්බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් සැකකරුවෙකු විසින් සියදිවි හානිකර ගන්නා බවට සටහනක් ද තබා ගොස් ඇති බව අනාවරණය වි තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 17ක් හා 19ක් වන තරුණයින් දෙදෙනෙකි. මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඉතා භයානක තත්ත්වයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ සම්බන්ධයෙන් තමාගේ වැඩි අවධානයක් යොමුව ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා…
ඇහැළියගොඩ, වලවිටවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය. එහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා, “පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වෙනිදාට බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ සැමරුම් උත්සවය පැවැත්වෙනවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්.. මෙවර පැවැත්වෙන්නේ 17වෙනි සැමරුම් උත්සවය. සුවිශේෂී වෙනස්කම් කීපයක් අපි සිදු කරලා…
අමෙරිකාව සහ ඉරානය අතර වොෂින්ටනයේදී සකස් වෙමින් පවතින නව කෙටුම්පත් සාකච්ඡා රාමුවක කොටසක් ලෙස, ඉරානයේ තෙල් ක්ෂේත්‍රයට පනවා ඇති සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව එකඟ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. මෙම නවතම යෝජනාව පෙර යෝජනාවලට වඩා වෙනස් වන්නේ, අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසුව පමණක් සම්බාධක ඉවත් කිරීම වෙනුවට, සාකච්ඡා ක්‍රියාවලිය සිදුවන අතරතුරදීම ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට මෙයින් අවස්ථාව සලසා දී ඇති බැවිනි. කෙසේ වෙතත්, දිගුකාලීන ගිවිසුමකට එළඹීම සඳහා අමෙරිකාව විසින් පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඉරානය දිගින් දිගටම අවධාරණය කරයි. අනාගත ගිවිසුමකදී අමෙරිකාවේ මූලික කැපවීමක් ලෙස මෙම සම්බාධක සහනය සහතික කළ යුතු බව ඉරාන පරිපාලනයේ…
