Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණ කර තිබේ. කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, පෙරේදා (19) රාත්‍රියේ රැස්වූ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඊයේ (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කළේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින්…
ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (20) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර තිබේ. ඒ අනුව පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීම සඳහා වන විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වීමට නියමිතය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට 2026 වසර සඳහා වෙන්කර ඇති, මෙම වසර තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන වී මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. මේ අතර, රජය…
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) දිනය වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 93,115 දෙනෙකු හඳුනාගෙන ඇත. අගෝස්තු මාසයේ ගෙවුණු කාලසීමාවට පමණක් ඩෙංගු රෝගීන් 7,777ක් වාර්තා වී තිබේ. මේ අතර, ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ 19,825කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,475ක්, මහනුවරින් 6,726ක්,මාතරින් 6,066ක්,කළුතරින් 6,013ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වෙයි.
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක්, නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මෝහිනී ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11ට පමණ නල්ලතන්නි පොලීසිය වෙත පැමිණ තමන්ට ශ්‍රී පාද සංචාරයක් සඳහා යෑමට අවශ්‍ය බව පවසා ඇත. එහිදී පොලිස් නිලධාරීන් එම පිරිස හමුවේ පවසා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමඟ රාත්‍රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා ඒ සඳහා අද දින උදෑසන පැමිණෙන ලෙසයි. පසුව එම පිරිස නාවාතැනක් සොයාගැනීම සඳහා ආපසු මෝටර් රථයෙන් යන අතරතුර (19) දින රාත්‍රී 12ට පමණ මෝහිනී ඇල්ල ප්‍රදේශයේදි මාර්ගයෙන් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන 25 වැනි දින දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 09 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණි. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ද සැප්තැම්බර් තුන් වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය. අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියේය. මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සමේ ඇතිවන කුෂ්ඨ සහිත තත්ත්වයන්, මස්පිඩු පෙරළීම මෙන්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් ජීවිත පවා අහිමි වීමේ හැකියාව පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම තත්ත්වයන්ට මුහුණදීමේ වැඩිම අවදානමක් ඇති කාණ්ඩ ලෙස කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම බෝ නොවන රෝග, නිදන්ගත රෝග පවතින…
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මගින්ය. 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම අද ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින්ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ එහි අතිරේක ලේකම් එල්.අයි. වාකිෂ්ඨආරච්චි යන මහත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කරණු ලැබීය. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යයට සෘජුවම බලපෑමක් සිදුකරන…
අගෝස්තු මාසයේ මුල් දින 16 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 113,307ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,355ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 22%ක් වේ. එමෙන්ම, එක්සත් රාජධානියෙන් 12,738ක් සහ ප්‍රංශයෙන් 8,106ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. තවද, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 16 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,456,725ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අතරින් ඉන්දියාවෙන් 363,585ක් සහ එක්සත් රාජධානියෙන් 143,139ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (19) සවස 6.41ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට නියමිතයි. දෙවන කුඹල් පෙරහැර සඳහා ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙල සහ රථ වාහන සැලැස්ම පොලීසිය විසින් නිකුත් කර ඇත. ඒ අනුව, අද දෙවන කුඹල් පෙරහර මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාළිගාවට ගෙවැදීමටනියමිතව ඇත. ශ්‍රී දළදා මාළිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක…
