බිබිල, දොඩම්ගොල්ල, ඊතනවත්ත ප්රදේශයේ දී විදුලි සැර වැදීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක කාන්තාවකි.
ඇය සිය නිවස තුළ දෛනික කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදීමට ලක්ව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවූ වහාම ඇයව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

