Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම මෙම ඛේදවාචකය හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. ඉන්දුනීසියාවේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7 ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබූ අතර පසුව එරටින් පසුකම්පන කිහිපයක්ද වාර්තා විය. එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබූ අතර පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කිරීමටද පියවර ගනු ලැබීය.
ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඇල්ල Waterfall Road මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. වසර 26ක පමණ කාලයක් අලුත්වැඩියා නොකර පැවති, සංචාරකයින් විශාල පිරිසක් භාවිත කරන එම මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරිණි. මීට අමතරව රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ – බල්ලකැටුව – දෙමෝදර මාර්ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල – පස්සර මාර්ගයත් සංවර්ධනය කෙරෙමින් පවතී. එමෙන්ම කන්දෙකුඹුර මාර්ගය රුපියල්…
ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේ ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලදාරීන් තීරණය කළ බවය. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාදිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලබා ගැනීම, සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සිදුකරන සේවය වෙනුවෙන් දිනක වැටුප ලබා…
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ. සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර දී ඇත. සැකකරුවන් ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය. 48 හැවිරිදි දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු වන අතර ඔහු 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබුණි. සැකකරු ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර්…
අද (15) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින්විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් දැනුම්දෙයි.
ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවය. ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇතැයිද වාර්තා වේ. මේ අනුව එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙසද ඉල්ලා තිබේ. මෙරටට භූ කම්පන අවදානමක් නෑ මේ අතර ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පනය අනුව මෙරට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඉන්දුනීසියාවේ හටගත්…
වාර්ෂිකව නඩු ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් සමථ මණ්ඩල විසින් නිරාකරණය කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික සමථ දින සැමරුම් උත්සවයට අද (14) එක්වෙමිනි. 2026 වසර සමථකරණ ක්‍රියාවලිය සඳහා සුවිශේෂී වසරක් ලෙස සඳහන් කළ හැකි බවත් මෙවර අයවැය මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800කට අධික ප්‍රතිපාදන වෙන් කළ බවත් ඒ මහතා අවධාරණය කළේය. මෙම ප්‍රතිපාදන මගින් ප්‍රමාදවී පැවති පුහුණු වැඩමුළු පැවැත්වීමටත්, සමථකරුවන් පත් කිරීමේ කටයුතු නිසි පරිදි සහ නිසි කාලයට සිදු කිරීමටත් හැකියාව ලැබේ. එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා සමථ මූල මණ්ඩල තවදුරටත් ශක්තිමත්…
රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී පසුගියදා වෙඩි තබා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 01 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන කඳවල හන්දිය අසලදී සිදුවූ මෙම වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවෙකු එදිනම දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 41 සහ 48 යන…
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අදාළ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) දින උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට පත් වී ඇත්තේ මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
ගල්අඟුරු හිඟතාවයක් හේතුවෙන් ඉදිරියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ විපක්ෂයේ ඇතැමුන් සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගතයුතු බවය. සුළං බලාගාර මඟින් කිලෝ වොට් 400ක ධාරීතාවක් ඉදිරි වසර තුළ ජාතික පද්ධතියට එක්කර ගැනීමට නියමිත බවද ඔහු පවසයි.
