Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබේ. පසුගිය 20 වැනිදා ඇය නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට 82 වියේ පසුවූවාය. අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී 1943 අගෝස්තු 23 වනදා නන්දා මාලනී මහත්මිය උපත ලැබුවාය. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමි විය. කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකරයන් විසින් මෙහෙය වූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ…
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (23) පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින් වීථි සංචාරය කිරීමට නියමිත තිබේ. මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතය. මෙම කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලයේදී භාවිත කළ හැකි විකල්ප මාර්ග ද පොලීසිය විසින් හඳුන්වාදී තිබේ.
එල් නිනෝ තත්ත්වයේ හමුවේ දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81,865දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ දිස්ත්‍රික්ක 7ක, පවුල් 25,628ක් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට මෙම එල් නිනෝ බලපෑම එල්ල වී ඇති අතර, ඉන් පීඩාවට පත් පුද්ගලයින් 72,153දෙනෙකු වෙත මේ වන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බව එම නිවේදනයේ සඳහන්. දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේ දී මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ එම පිරිසට පානීය ජලය…
බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඒ, ඔහුගේ පාදයේ ඇති තුවාල තත්ත්වයක් වර්ධනයවීමත් සමඟය. ඒ අනුව ඊයේ (21) දිනයේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවට තොරතුරු වාර්තා වෙයි. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.
අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි නියෝජිතයින්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) ප.ව 2.00ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ. ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි නියෝජිතයින් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මකය.
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනගැනීමට රුමේෂ් තරංග සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දක්ෂතාව මීටර් 88.14කි.
අධ්‍යාපන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා වන උපායමාර්ගික සැලසුම් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නිසි සැලසුමකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුකරන ආයෝජන සහ උපකරණ අපතේ යා හැකි බැවින්, අදාළ වැඩසටහනේ නියමු අදියර සවිස්තරාත්මකව සැලසුම් කිරීමේ වැදගත්කම සහ එක් එක් ක්ෂේත්‍රයට අදාළ අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය විය. මෙම වැඩසටහන ආරම්භයේදී සීමිත පාසල් සහ උපකරණ සංඛ්‍යාවක් යොදාගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එමගින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් සහ ගැටලු අධ්‍යයනය කරමින් අවශ්‍ය සංශෝධන හා වැඩිදියුණු කිරීම් සිදු…
මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් විසින් නොසැලකිලිමත් ලෙස සිය වාහනය හෝ යතුරුපැදිය නවත්වා තැබීමෙන් එය අපරාධකරුවන් විසින් සොරා ගැනීම් පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ එහිදී එම රථවාහන හෝ යතුරුපැදි තුළ තිබෙන වටිනා ලියකියවිලි මෙන්ම වටිනා භාණ්ඩද අන්සතු වීම් පිළිබඳව මේ වන විට වාර්තා වී ඇති බවය. ඇතැම් අවස්ථාවලදී ත්‍රීවිල් රථ රියදුරන් මෙන්ම යතුරුපැදිකරුවන් එංජිම පණ ගන්වා තිබියදී වෙනත් අවස්ථාවල නිරත වීම මෙන්ම යතුරුපැදියේ මෙන්ම ත්‍රිරෝද රථයේ යතුරු එහිම තබා යාම තුළින් ක්ෂණිකයෙන් අපරාධකරුවන් සොරා ගන්නා බවට මේ වන විට…
දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බවය. අදාල සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය පහසුකම් නිරන්තර සපයන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමක් සමග එක්ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් එම ගැසට් නිවේදනය මේ වන විට අවසන් අදියරේ පවතින බවත් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…
