විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු සඳහන් කළේ, සිසුන් බඳවා ගැනීම තවත් සෑහෙන කාලයකට කල්දැමීමට සිදුවේ යැයි මෙම සාකච්ඡාවේදී සිය සංගමයට තේරුම් ගිය බවය.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

