Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අදියර 1 සහ 2 යටතේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත. අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, නෙළුව මහනුවර – පස්බාගේ කොරළය, ගඟ ඉහළ කෝරළය කෑගල්ල – යටියන්තොට, දෙහිඕවිට, දැරණියගල මාතර – පිටබැද්දර නුවරඑළිය – කොත්මලේ, කොත්මලේ නැගෙනහිර රත්නපුර – අයගම, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ කළුතර – පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල, අදියර 1 යටතේ විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ කොළඹ – සීතාවක කළුතර – ඉංගිරිය කෑගල්ල – රුවන්වැල්ල, වරකාපොල, අරණායක, බුලත්කොහුපිටිය මාතර -…
මහවැලි ගංගා ද්‍රෝණිය අවට පහත්බිම් ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානම හට ගෙන ඇත. එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි. එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2026 වසර පුරා චීනයේ භාණ්ඩ ආනයන ප්‍රමාණය, වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරිණි. ගෝලීය භාණ්ඩ වෙළඳාම තුළ ලොව විශාලතම රට වන චීනය, ගෝලීය වෙළඳාමේ වර්ධනය සඳහා අඛණ්ඩ ගාමක බලවේගයක් ලබා දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍යාංශය එහිදී අවධාරණය කර තිබේ.
දිවුලපිටිය බඩල්ගම, පේරගස්මංකඩ ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලිසිය පැවසුවේ අද පස්වරු 02කට පමණ මෙම අනතුර සිදුව ඇති බවය. තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයෙකු මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිට ඇති බව සඳහන් වෙයි. එහිදී ඉන් එක් තරුණියක් දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සහ කිරීමේදී සෙසු තිදෙනාද දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. අතුරුදන් වූ තරුණියන් තිදෙනා සහ තරුණයා සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන බදුල්ල සහ…
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් ‘රුසියාවට සම්බාධක පැනවීමේ පනතට’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. මෙම පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය හිමිවේ. ජනපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262-159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුවය. යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාවප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රෑම් සිහිපත් කර මෙම පනත ඔහුගේ නමින් (Lindsey O Graham Sanctioning Russia and Iran Act of 2026) ලෙස නම්කර ඇත. මෙම නව…
20වැනි ‘ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ විය. මෙය ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආසියාවේ විශාලතම උළෙල වන මෙම ක්‍රීඩා උළෙලේ මෙවර තේමා පාඨය ‘Imagine One Asia’ ලෙසින් නම්කර ඇත. ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ක් සමගින් ප්‍රථමවරට එක්වන ආසියානු සරණාගත කණ්ඩායමක්ද ඇතුළත්ව සමස්ත කණ්ඩායම් 46ක් මෙවර තරගාවලියට එක්ව සිටියි. ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරත්වය දක්වන තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1958 වසරේ දී ටෝකියෝ සහ 1994 වසරේදී හිරෝෂිමා නගරවල මෙය පවත්වා තිබේ. ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති උළෙල ඇතුළු ප්‍රධාන මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය ලෙස 35,000ක…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්ත සඳහන් කළේ ඊයේ (18) මාධ්‍යම රාත්‍රියෙන් වර්ජනය අවසන් කෙරුණු බවය. සුමේධ සෝමරත්ත වැඩිදුරටත් පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවය.
අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ඌව පළාතේ සහ මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වුණි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය කළේය.
