Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, යාවලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු,උතුරු – මැද වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති විය හැකියි. සූර්යයා අද දහවල් 12.11ට ආඩියකුලම්, වෙප්පන්කුලම්, පදවිය සහ කුච්චවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇත.
බන්ධනාගාර ගත රැදවියන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතීන් හෝ අමුත්තන් විවෘතව බැලීමට අවස්ථාව උදාකර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය. මේ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් හෝ ඥාතීන් විවෘතව බැලීමට (OPEN VISIT) අප්‍රේල් 13 හා 14 අවස්ථාව සැලසෙනු ඇත. මේ දින දෙකේදී රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හෝ සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබාදී ඇත. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන්හිදී මෙලෙස සිදුකෙරේ.
ඇමති නිවාස කාලයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් වල් වැදී ඒවා ජරාවාස වෙමින් තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ඇමති නිවාස සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ඇමති නිවාස සම්බන්ධයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු තීරණයක් ගන්නා බවයි මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය. වර්තමාන රජයේ මැති ඇමතිවරුන් ඇමති නිල නිවාස ලබා නොගන්නා බවට දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. කොළඹ පිහිටා ඇති ඇමති නිලනිවාස සංඛ්‍යාව තිස්පහකි. මින් එක නිල නිවාසයක් අල්ලස් හෝ දූෂණ…
පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන් වාහන ලබාගෙන ඇති සහ වාහන දීමනාවට හිමිකම් කියන ප්‍රධානීන්ද කාලයක සිට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති. පාර්ලිමේන්තු රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවල සාමාන්‍ය සේවක සේවිකාවන්ට ඈත දුර බැහැර ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී පෞද්ගලිකවම මුදල් වැය කරමින් ගමන් කිරීමට සිදුවන හෙයින් ඒ වියදම සැලකිල්ලට ගෙන ඔවුනට මෙම ප්‍රවාහන දීමනාව කාලයක සිට මෙසේ ගෙවනු ලබන්නේය. සාමාන්‍ය සේවක සේවිකාවන්ට මෙම දීමනාව මෙසේ හිමිවී ඇත්තේ වෘත්තීය සමිති කලකට පෙර ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස යැයි කියති කෙසේ වෙතත් සාමාන්‍ය සේවක සේවිකාවන්ට…
මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්‍යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එහි කළ නිරීක්ෂණයකදී දැක බලා ගත්තේය. මීතොටමුල්ල ඩිපෝවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා ඩිපෝ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වීය. මෙහි දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මීතොටමුල්ල ඩිපෝව සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරන බවයි. එහි සේවක විවේකාගාර ද පවතින්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බව නිරීක්ෂණය විය. ඩිපෝවේ පවතින තත්ත්වය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දීමක් කරන බවත්, ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කියමින් මෙම කැඳවීම කර ඇත. අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙසද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේම පැමිණියහ. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට නැවතත් කැඳවීමට නියමිතය. ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම උපදේශන සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.…
සිය දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා සාධාරණ විසඳුමක් දෙන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් පසුගිය 8 වැනිදා ඉල්ලීමක් කළහ. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. එම සේවකයන් මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදීය. පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමි වූ සියයට හැත්තෑවක දීමනාව සියයට තිස් එකක් දක්වා අඩු කර ඇතැයි එම සේවකයෝ පෙන්වා දෙති. එසේම කාලයක් තිස්සේ හිමිවූ නිවාඩු හිලව්දීමනාවද කප්පාදු කර ඇති බව ඔවුහු සඳහන් කරති.පාර්ලිමේන්තු සේවකයන් විසින් මේ පිළිබඳව කතානායකවරයාටද පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද මීට පෙර පැමිණිලි කෙරිණ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 09 වනදා ද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට සතියක කාලයක් මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.