Author: LANKA24X7

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද (20) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය. පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. විල්පත්තු ප්‍රදේශයේ කැළෑ එළිපෙහෙළි කළ ප්‍රදේශයේ යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේය.

Read More

විෂ දුමාරයක් ආඝ්‍රාණ වීමෙන් තලවකැලේ ප්‍රදේශයේ කාන්තාවන් 09ක් සහ එක් පිරිමි පුද්ගලයෙක් රෝහල්ගත කර තිබේ. ඊයේ (19) සවස් කාලයේ තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි සහ විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක සේවකයින් පිරිසක් විෂ දුමාරයක් ආඝ්‍රාණයවීමෙන් ප්‍රතිකාර සඳහා තලවකැලේ රෝහලට ඇතුළත් කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කෙරුණි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අවුරුදු 20ත් 22ත් අතරේ පසුවන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. අදාළ ප්‍රදේශයේ විදුලිය විසන්ධිවී ඇති අවස්ථාවක වෙළෙඳසැලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුව එම විදුලි ජනක යන්ත්‍රයෙන් නිකුත් වූ දුමාරයක් ආයතනයේ සේවකයින්ට විෂ වී ඇති බව පොලීසිය පවසයි. විෂ දුමාරය ආඝ්‍රාණයවීමෙන් රෝගීවූ පිරිස ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර…

Read More

පැය 15ක ජල කප්පාදුවක් පිළිබඳ ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා පහත ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවය. ඒ අනුව ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය. අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

Read More

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. ගාසා තීරයේ ගැටුම්වලින් මියයන පලස්තීනුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කනගාටුව පළ කර ඇති අතර, ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී සමථයකට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා පැවැත්වීඹට නියමිතය. ගාසා තීරයේ පලස්තින වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වනු ඇති බව ද පැවැසෙයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනු, PTA අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පාගමන දියත් කර තිබුණි. ජීවනබරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දැමිය යුතු බවටද විරෝධතාවයේ නිරත ශිෂ්‍යයින් සඳහන් කරයි.

Read More

ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබේ. පවතින තත්ත්වය තුළ පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් තිබේ. ඒ අනුව ද පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේය. ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වන විට අලෙවි…

Read More

පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙර්රෙරා මහතා පවසයි. ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝගය වැලඳුන දරුවන් පෙරපාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවය.

Read More

ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බවය. කෙසේ වෙතත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 500 කට ආසන්න බවය.

Read More

ගම්පොල මාවතුර කලයිමහල් දෙමළ විද්‍යාල භූමියේ තිබූ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. තිවාල ලැබූ සිසුන් දෙදෙනකු ප්‍රතිකාර ලබාදී නිවසට යවා ඇති අතර එක් සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබයි. මෙසේ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම පාසලේ හය වසරේ ඉගෙනුම ලබන සිසුවකු එසේ තුවාල ලබා ඇත. පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේ බෝලයක් වැනි යමක් දැක එක් සිසුවකු එයට පා පහරක් එල්ල කර ඇති අතර ඒ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පවසයි. පිපිරීමෙන් සිදු වූ අධික කම්පනය නිසා මෙම සිසුවා ගේ සපත්තුවක් කැඩීගොස් කකුලට ද හානි සිදුවී…

Read More