Author: LANKA24X7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වීමට නියමිතය. වංකඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවිධ හේතුන් මත කණ්ඩායමට ඇතුළත්ව නොමැත. තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහිදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අද සඳහන් කළේ, බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවය. කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා ඊ (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය. බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි. ඒ අනුව අද වන විට බිත්තරයක්…

Read More

ඊ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ. එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355කි. ඒ අනුව ලංකා IOC සමාගමද ඩීසල් රුපියල් 15කින් සහ භූමිතෙල් රුපියල් 10කින් මිල පහළදැමීමට තීරණය කර තිබේ.

Read More

ජනමත විචාරණයකට යාමෙන් තොරව පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අනිවාර්යයෙන්ම ලබාදී ඇති දින වකවානු අනුව මැතිවරණය පැවැත්විය යුතු බවය. “මාර්තු 30 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත වෙලා අවසාන වෙන්න ඕනේ. එසේ කිරීමට නම් මේ මැතිවරණය පවත්වන්නට ඕනේ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මාසේ මුල. ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැමීමට කිසිසේත් පුළුවන්කමක්…

Read More

ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

Read More

රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන් ගෙවා ඇති බව විගනන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දිරි දීමනා ගෙවීම් විශේෂ දීමනා තුළුව නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් සඳහා දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වී ඇත. බොහොමයක් රාජ්‍ය ආයතන රජයේ නියමයන් නොසලකා හරිමින් ඒ ඒ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරමින් විවිධ දීමනා සේවකයන්ට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මිය පවසන්නීය. අමෙරිකානු CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි අඩුආදායම්ලාභී රටවල් රැසක් ණය අර්බුදයට මුහුණදීම ගෝලීය මූල්‍ය අර්බුදයට කොතරම් දුරට බලපෑමක් ඇති කරාවිද ? ක්‍රිස්ටලිනා ජෝජියේවා, “මේ වනතුරු මෙම රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතින් ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ…

Read More

වත්මන් දේශපාලන නායකයින් අරගලයෙන් පෙන්වා දුන් අරමුණ නිසි ලෙස ඉටු නොකළහොත් රටේ නොසිතන පිරිසක් දේශපාලන වගකීම් ගැනීමට ඉදිරියට එනු ඇතැයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ලබන කන්නයේ වී ටික විකුණ ගන්න බැරිවෙද්දි, මෙයාලා ගෙනාපු කෝටි 16,000ක හාල් ගැන කතා කරන්නේ නෑ. එදාට කතා කරයි ඩඩ්ලි සහ අනෙකුත් ව්‍යාපාරික ආයතනවල නම් ටික. මම අහන්න කැමතියි මේ රට පාලනය කරන ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට තියෙන වගකීම මොකද්ද ? මේ රට තුළ මෙවැනි දැවෙන ප්‍රශ්නයක් ගොවියන් අතරේ තියෙනවා නම් ඒක දැනෙන්නේ නැති දේශපාලනඥයෝ කවුද ? මෙහෙම අපි තව…

Read More

තරුණයෙකු මියගිය තම පෙම්වතියගේ නිවෙසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙල පලඳවන රත්රන් තැල්ලක් බැඳීමේ සිද්ධියක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙළී සිට ඇති අතර ඊට තරුණියගේ මවුපියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබෙනවා. නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහාර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මවුපියන්ට සැලවීමෙන් පසුව මවුපියන් ඇයට පහරදී තරවටු කොට තිබු අතර මෙම සම්බන්ධයට මවුපියන් බලවත්සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් තරුණියක ගෙල වැලලාගෙන මියගිය බවයි වාර්තා වෙන්නේ. සිත් තැවුලට පත් තරුණයා නිවෙසට පැමිණි තරුණියගේ මළ සිරුරේ ගෙලට තැල්ලක් බැඳ නිවෙසින් පිටව ගොස්…

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. ඒ කරච්චිහිදීයි. මෙම වසරේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වන්නේද එම තරඟයයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.

Read More