Author: LANKA24X7

බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම වීඩියෝ පටිගත වන බවත් දින අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් බන්ධනාගාර බස් රථ රියදුරෙක් පැවසීය. කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවත් කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකිව ද තිබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා කිරීමේ අවස්ථාව ද අඩු වන බවත් එම රියදුරා වැඩි දුරටත්…

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල රථයට ගොඩ වීමට පැමිණෙද්දී, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ පරිවාරක රථ පේළියේ තිබූ එස්.යූ.වී රථයක ගැටීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම ආරක්‍ෂිත ස්ථානය කරා රැගෙන යාමට රහස් ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර ඇත. ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් ඩෙලවෙයාර්හි සිය මැතිවරණ කණ්ඩායම සමඟ ආහාර භෝජන සංග්‍රහයකට සහභාගී වී පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.කෙසේ වෙතත් මින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවූ බවත් අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවත් රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. රිය අනතුර සම්බන්ධයෙන් විල්මින්ග්ටන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Read More

මිහින්තලය සමස්ත ලෝක වාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් නිසා එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂව තහවුුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීම නිරත්තරයෙන් ලබාදිය යුතු බව අස්ගිරි මාල්වතු පාර්ශවයේ මහ නා හිමිවරු ජනනපතිට ලිපියක් යවමින් දැනුම් දුන්හ. මිහින්තලාව ථේරවාදි බෞද්ධ මහාවිහාරයීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බැවින් මෙම පුන්‍යභුමියේ අභිත ශ්‍රී විභුතිය සුරක්ෂිත කොට මතු පරපුර උදෙසා දායාද කිරිමට ජනාධිපතිතුමා ඇතුලු සියලු අංශ කටයුතු කළ යුතු බව ද එම ලිපියේ සඳහන් වේ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි…

Read More

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම කර තිබේ.

Read More

සියලුම පාසල්වලට මීටර 500 ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් එවැනි සියලුම ක්‍රියාකාරකම් ඉවත්කරන ලෙස පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. දරුවන්ට අහිතරක දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කළ යුතු බව කී දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩි දුරටත් කීය.

Read More

පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සෝමාවතිය, සුංගාවිල ප්‍රධාන මාර්ගයේ හතර කනුව ප්‍රදේශයේ අඩි තුනක් පමණ ජලය යටවීමත් සමග එහි වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙන බව සෝමවතිය පොලිසිය කියයි. මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙන අතර සෝමවතිය සුංගාවිල මාර්ගයේ හතර කනුව ප්‍රදේශයේ මෙලෙස අඩි තුනක් පමණ ජලයෙන් යටවීමත් සමග 18 වෙනිදා සිට වාහන ගමනාකම කටයුතු නතර කර තිබෙන බව තිබෙන බව පොළොන්නරු ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි. මහවැලි ගඟ සුංගාවිල ප්‍රදේශයේ පිටාර ගැලීම හේතුවෙන් පොලිස් ස්ථානය ද ජලයෙන් යටව පවතින බව සෝ මාවතිය පොලිස් ස්ථානාධිපති ඊ.එම්.පී.ඒ. සෙනවිරත්න මහතා…

Read More

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති. පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවටද වෛද්‍යවරු ප්‍රකාශ කරති. විශේෂයෙන්ම පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹී තිබීම මෙම තත්ත්වයට හේතුවක් බව ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පසුගියදා මාධ්‍ය වෙත අදහස් සඳහන් කළේය. දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් ඉන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5-20ත් අතර…

Read More

ජන අරගල පුරවැසියේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට විරෝධය පළ කර සිටියේය. ඒ පසුගිය දා සාගර කාරියවරම් මහතා විසින් පොහොට්ටු සම්මේලනයේ දී කළ ප්‍රකාශයකටය. කෙසේවෙතත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මාර්ගය ඉදිරිපිට විරෝධය පළ කළේය. එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර, එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය පළ කළහ.

Read More

දරුකමට හදාගැනීමට ගත් බව කියන 05 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවසක සිටින දරුවකු අසාමාන්‍ය ලෙස නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නිල නිවසට ගොස් එම දැරිය පොලිස් භාරයට ගත්තේය. ඒ වන විටත් ඇයගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීම් හේතුවෙන් නිල් පැහැ ගැන්වී තිබූ බවත්, නාසය, තොල්,…

Read More

කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි. මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය. එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.…

Read More