Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලබන වසරේ එළඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නෞකා කොට්ඨාශය පවසයි. ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවත් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරණායක ජැටිය යොදා ගන්නා බවත් එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මීටර 350 ක් දිගින් යුතු විශාල නෞකා 3ක් සඳහා එකවර මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට…
රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් සැකකාර චූටි කපුරාල තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) දහවල් ඉදිරිපත් කළේය. සැකකරුට සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙසද අධිකරණය නියෝග කෙරුණි. මෙලෙස ඇප මත මුදා හැරියේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නමැත් තෙකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි. එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව පවසන පොදුජන පෙරමුණ ඉකුත් සෙනසුරාදායින් පසු පක්ෂයේ විධායක සභාව රැස්වී නැති බව පවසයි. පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.
කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමේ සිද්ධියට අදාළව කාන්තාවක් සහ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ඇතුළු සිව්දෙනා වයස අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන රාගම සහ මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. කැලණියේ විශේෂ කාර්යාංශයට වෙත ලද තොරතුරකට අනුව මෙම පිරිස රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5200ක් ද සොයාගෙන ඇත. පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට තුවාල සිදුකර අපරාධයකට තැත් කිරීම සහ හෙරොයින් ළඟ තබා ගැනීම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වැලිසර අධිකරණය වෙත ඉදිරිපත්…
යුක්තිය මෙහෙයුමට අදාළව දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඉපැයූ මුදල්වලින් මිලදීගත් බවට සැක රථවාහන 09ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති රථවාහනවල වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න බව අනාවරණය වී ඇත.
මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණෙන් බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ පරීක්ෂා කිරීම අද අලුයම් කාලයේදී සිදුකෙරුණි. බේරුවල, පයාගල, අලුත්ගම, වැලිපැන්න යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා කටුකුරුන්ද පුහුණු කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්ව සිටියහ. අප වාර්තාකරු පැවසුවේ, මෙහිදී බේරුවලින් ධීවර කටයුතු සඳහා පිටත්වන සහ නැවත පැමිණෙන යාත්‍රා විශාල ප්‍රමාණයක් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය මඟින් දැඩි පරීක්ෂාවට ලක්කළ බවය.
ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය. මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූපගත කිරීමට විද්‍යාඥයන්ට බලය ලබා දෙන බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේය. සැබෑ සිදුවීම නැනෝ තත්පරයක් තුළ සිදු වුවත් එය තත්පර 20 දක්වා මන්දගාමී කිරීමට මෙම කැමරාවට හැකි බව පර්යේෂණ කණ්ඩායම පැවැසුවේය. දියරමය මාධ්‍යයක් තුළ උණ්ඩයක් ගමන් කරන අයුරු මෙම කැමරාව මගින් පටිගත කළහොත් එම වීඩියෝ පටය…
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට හෙට (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගතහැකි බවත් බිත්තර දෙසැම්බර් 31 දක්වා හිඟයකින් තොරව සැපයීමට හැකියාව ඇති බවත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ඊයේ (18) පැවසීය. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය. ඉන්දියාවෙන් ආනයනය කළ විත්තර ලක්‍ෂ 150 ක තොගය මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ව පරීක්‍ෂණය සමත් වූ වාහාම බිත්තර සතොසට සහ තොරාගතපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථව පැවසීය.
ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඩිජිටල් ආර්ථිකය ලංකාවේ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන…
ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද, පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය. උපුල් තරංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ රැස්වී එම තීරණයට එළඹි බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට එම තිරණය යොමු කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය. ටෙස්ට් තරගාවලියක් මෑතකදී නොමැතිවීම නිසා ටෙස්ට් කණ්ඩායමේ නායකයා පත්කිරීම පසුව කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
