Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කාලයක් තිස්සේ තැරැව්කරුවන් මාර්ගයෙන් ගම්පොළ ඇතුළු අවට ප්‍රදේශ රැසක අධිමාත්‍රා ඖෂධ පෙති ජාවාරමේ යෙදුණු බවට සැකපිට වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. පොලීසිය පවසන්නේ එම වෛද්‍යවරයා වෙනත් අයෙකුට රුපියල් 160,000ක ඖෂධ තොගයක් ලබාදෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා රෝහල් වෛද්‍ය සේවාවට අමතරව ප්‍රදේශ කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථානද පවත්වාගෙන යමින් ඒ හරහාද මෙම ජාවාරමේ නිරතව තිබෙන බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. මොහුගෙන් මත්පෙති ලබාගෙන විවිධ ප්‍රදේශවල ජාවාරමේ යෙදෙන පිරිසට මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත් පෙති අලෙවි කිරීම සිදුකර තිබේ. මෙම වෛද්‍යවරයා හා මෝටර් රථය අද (14) ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෝදර පොලිස් වසමේ දී ඊයේ (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය. එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 51 ක්වූ මහවත්ත පටුමඟ, කොළඹ 14 යන ලිපිනයේ පදිංචිකරුවෙකි. තුවාලකරු මෝදර වීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක කළමනාකරු වශයෙන් සේවය කරන අතර, ඔහු එම අවන්හලේ ගේට්ටුව ආසන්නයේ සිටිය දී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් පළා ගොස් ඇති බවත් වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට සැක පළ කරන බවය. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. එමිරේට්ස් ජනාධිපතිවරයා සහ මෝදි අතරේ සාකච්ඡා පැවැත්වූයේ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමටය. එමිරේට්ස් රාජ්‍යයේ සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය ද අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමුණි. එමිරේට්ස් වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව හමුවුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි රැස්ව සිටි ඉන්දීය ප්‍රජාව ඇමැතුවේ ඉන්දීය භාෂා පහකිනි. මෝදි අද (14) කටාර් රාජ්‍යයේ සංචාරය කරනු ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා නවගමුව කොරොතොට ප්‍රදේශයේ නිවසකට පැමිණ පුද්ගලයකු පිටතට රැගෙන ගොස් තුන්අඳහේන මහවල පාලම අසලදී හිසට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය පැද වූ පුද්ගලයා අනුරාධපුරය හූරිගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර වර්ගයේ ගිනි අවිය , ජීව උණ්ඩයක් , හා ජීව අත් බෝම්බයක් කොරටට පාඩු රබර්වත්තක සඟවා තිබීයදි සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගේ වැඩිදුර ප්‍රකාශ මත හිස් පතුරම් කොපු තුනක් කටුනායක ප්‍රදේශයේ බෝඩිමක වහලයක සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා ඊයේ (13) පැවසීය. මෙම බහලුම් හතර සම්බන්ධයෙන් රේගුවට ඇතිවූ සැකය මත නවතාගෙන පරීක්ෂණ කළ බවත් පානදුර, වත්තල සහ කොළඹ 10 යන ප්‍රදේශවල ආයතන තුනක් ආනයනය කළ මෙම බහලුම් හතර එකම ආයතනයකට නිෂ්කාශනය සඳහා පවරා තිබීමෙන් එම සැකය වඩාත් වැඩි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම බහලුම් හතර රේගුව නොමග යවා විනිශ්කාශනය කරගත්තේ නම් රජයට රුපියල් කෝටි හයකට අධික තීරු බදු…
සෞඛ්‍ය, පොදු ගමනාගමන සේවා, දුම්රිය සහ තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙන බව එම අති විශේෂ ගැසට් නිවේදනය සඳහන්වේ. ඒ අනුව රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ. මගීන් හෝ බඩු ප්‍රවාහනය…
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකළ පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සමෙහි තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. මෙම අභියාචන පෙත්සම ගාමිණි අමරසේකර, කුමුදිනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි. සමාජ ක්‍රියාකාරී ඹ්ෂල හේරත් මහතා විසින් ගොනු කොට තිබූ අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය නම් කරනු ලැබ සිටින්නේය.
ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ගම්පොල පොලිස් කොට්ඨාසයේ ගලහා දෙල්තොට ග්‍රේඩ්වැලි වත්තේ නිවසක සැඟවී සිටියදී ආදුරුප්පු විදියේ පොලිස් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම හත් දෙනා අතර ගෙහිමියා ඇතුළු පිරිමි පුද්ගලයන් පස්දෙනකු හා කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි. පොලිස් සිර මැදිරිය වෙත රැගෙන යන ලද කිරි පැකට්වලට සයනයිඩ් මිශ්‍ර කර තිබූ බවට පැවසෙන අතර සැකකරු එම කිරි පැකට් වෙළඳ සලකින් ලබා ගන්නා ආකාරය සීසී ටීවී දර්ශන වල තිබී හඳුනාගෙන තිබුණි. මෙම සැකකාකරු කිරි පැකට් සැකකරුවන් දෙදෙනාට ලබාදීමෙන් පසු එය පානය කල දෙදෙනා අසාධ්‍යව රෝහල් ගත කර තිබුණි.…
ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතර කාන්තාවන්ද සිටින බව දැනගන්නට ඇත. ප්‍රධාන පෙළේ සමාගම් පහක ප්‍රධාන තනතුරු දරන්නන් ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත. 2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ,…
වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති. නිසි කාලයට උසස්වීම් නොලැබීම හේතුවෙන් සැලකිය යුතු නිලධාරීන් පිරිසක් නඩු මගට යොමුවී ඇති බව ද නිලධාරීහු පවසති. කොස්තාපල්වරයකු ලෙස සේවය ආරම්භ කර සැරයන්, උප පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිසක් පත්වීම් නොමැතිව කනස්සල්ලෙන් පසුවන බවද ඔවුහු කියති. සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට කොස්තාපල් තනතුර දක්වා මෙම අර්බුදයට මැදිවී සිටින බවත් උසස්වීම් ලබාදීමේ ඵලදායී ක්‍රමවේදයක් තවමත් සකස් නොමැති බවත් ඔවුහු පවසති. අවසන් වරට 2018-2019 වසරවලදී 26,000 කට අධික පොලිස් පොඩ්ඩන් පිරිසක් කොටස් තුනක් යටතේ උසස්වීම් ලැබූ අතර අතර එහිදී ද සමහර කොස්තාපල්වරුන්…
