Author: LANKA24X7

පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්‍රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ ඇති වු සිද්ධින් සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවකට අධිකරණ අමාත්‍යාංශයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල පවතින පරිපාලන දුර්වලතා මග හරවා ගැනීමට පුහුණුව සහිත නිලධාරීන් බදවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින් ඉක්මනින් ඔවුන් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වු සිද්ධින් ඉදිරියට ඇති නොවීමට වග බලා ගත යුතු බවත්, පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කළ යුතු…

Read More

දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය. නිරන්තරයෙන් නිවසට යනෙන දැරියගේ පියාගේ මිතුරෙකු වන විත්තිකරු කර ඇති මෙම සාහාසික අපරාධය හේතුවෙන් අහිංසක මල් කැකුලකට සිය දිවියෙන් වන්දි ගෙවවීමට සිදුව ඇති හෙයින් මෙවැනි අපරාධයන් කරන සමාජයේ සෙසු අපරාධකරුවන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඔස්වල්ඩ් ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ…

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය. එහිදී ඔහු තවදුරටත් පැවසුවේ, රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවය. එහිදී ඔහු පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උගුලක් බවත් එය ජන්ද අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙනවා. මේ යෝජනාව මීට පෙර ගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායකයා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ…

Read More

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවත්ය. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read More

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වු පාසල් සිසුවියක් සියදිවි නසා ගෙන ඇති පුවතක් ඊයේ (12) වාර්තා වුණි. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 18ක් වූ සිසුවියක් එලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවය. නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක දැරිය එලෙස සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අසල්වැසියන් විසින් සොයාබැලීමේ දී දැරිය සියදිවි නසාගෙන ඇති බව දැක ඇති අතර, පසුව දැරියව පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත. දැරිය රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිට ඇතැයි වාර්තා වේ. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read More

වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි. එහෙත් කාලයක් ගිය පසු අදාළ තරුණයා ඇයව අත්හරින බවක් ඇයට දැනීමත් සමග ඒ පිළිබඳ ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස්‍ නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු යොදා ඇත්තේ ඔහුට වෙනත් පෙම් සබඳතාවක් පවත්වාගෙන යා නොහැකි වන අයුරින්ය. මෙයින්…

Read More

වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල් ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ තනතුරු භාවිතා කරමින් ඇමති අනුමැතිය ලබාදී ඇතැයි පවසමින් ජලාශ රක්ෂිතයන්ට හානි කරමින් විශාල අනවසර ඉදිකිරීමි සිදුකර ඇත. මහවැලි සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සමිබන්ධයෙන් විමසු අවස්ථාවේදී එම උසස් නිලධාරියා පැවසුවේ වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟාව අවට රක්ෂිත පෙදෙස් වල අනවසර ඉදිකිරීම් කරන්නන් රැසකට එරෙහිව නීතීෙමය පියවර ගැනීමට කටයුතු කර ඇති…

Read More

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් අවසන් වාර පරික්ෂණය සදහා 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දමිල මාධ්‍ය හදාරණ සිසුන්ට ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක් හේතුවෙන් සිසුන් දැඩි අසාධාරණයකට මුහුණ දුන් බව ගුරුවරු චෝදනා කරති. උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙති. ඒ අනුව අද 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණියේ ඉගෙණු ලබන සිසුන්ට පෙනි සිටිමට නියමිතව තිබුනේ ගණිතය විෂයටය. සිංහල මාධ්‍යයෙන් ගණිත විෂයට පෙනි සිටි සිසුන්ට නිවරැදිව සකස් කරන ලද ගණිතය ප්‍රශ්න පත්‍රයක් ලැබි තිබුණත් දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත,ප්‍රශ්නය නිසි පරිදි තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බවට…

Read More

මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මේ මස 15 දින පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීමක් අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය ඊයේ තරයේ ප්‍රතික්ෂේප කළාය. මිහින්තලේ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මිහින්තලේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව ඇති බවයි. ජනාධිපතිවරයා එලෙස පැමිණෙන අවස්ථාවේ ගොවීන් පිරිසක් මිහින්තලේදී විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය එළෙස ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ විරෝධතාවයක් පැවැතිය හොත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව…

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (12) පෙරවරුවේ සිදු විය. රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර වල කර්මාන්ත ස්ථාපිත කිරීම ගිවිසුමේ අරමුණයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු ගිවිසුමට අත්සන් කළහ. බන්ධනාගාරගත රැදවියන්ගේ දඩුවම් විදින කාලය වඩාත් අර්ථවත්ව ගත කිරීම, ඔවුන්ගේ බන්ධනාගාරගත කාලය සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීම,බන්ධනාගාරයෙන් නිදහස් වු පසුව තමන්ගේම කර්මාන්ත සිදු කරමින් කටයුතු කිරීම සදහා රැදවියන්ට අවස්ථාව…

Read More