Author: LANKA24X7

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඩිජිටල් ආර්ථිකය ලංකාවේ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන…

Read More

ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද, පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය. උපුල් තරංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ රැස්වී එම තීරණයට එළඹි බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට එම තිරණය යොමු කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය. ටෙස්ට් තරගාවලියක් මෑතකදී නොමැතිවීම නිසා ටෙස්ට් කණ්ඩායමේ නායකයා පත්කිරීම පසුව කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Read More

බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම වීඩියෝ පටිගත වන බවත් දින අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් බන්ධනාගාර බස් රථ රියදුරෙක් පැවසීය. කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවත් කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකිව ද තිබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා කිරීමේ අවස්ථාව ද අඩු වන බවත් එම රියදුරා වැඩි දුරටත්…

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල රථයට ගොඩ වීමට පැමිණෙද්දී, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ පරිවාරක රථ පේළියේ තිබූ එස්.යූ.වී රථයක ගැටීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම ආරක්‍ෂිත ස්ථානය කරා රැගෙන යාමට රහස් ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර ඇත. ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් ඩෙලවෙයාර්හි සිය මැතිවරණ කණ්ඩායම සමඟ ආහාර භෝජන සංග්‍රහයකට සහභාගී වී පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.කෙසේ වෙතත් මින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවූ බවත් අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවත් රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. රිය අනතුර සම්බන්ධයෙන් විල්මින්ග්ටන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Read More

මිහින්තලය සමස්ත ලෝක වාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් නිසා එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂව තහවුුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීම නිරත්තරයෙන් ලබාදිය යුතු බව අස්ගිරි මාල්වතු පාර්ශවයේ මහ නා හිමිවරු ජනනපතිට ලිපියක් යවමින් දැනුම් දුන්හ. මිහින්තලාව ථේරවාදි බෞද්ධ මහාවිහාරයීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බැවින් මෙම පුන්‍යභුමියේ අභිත ශ්‍රී විභුතිය සුරක්ෂිත කොට මතු පරපුර උදෙසා දායාද කිරිමට ජනාධිපතිතුමා ඇතුලු සියලු අංශ කටයුතු කළ යුතු බව ද එම ලිපියේ සඳහන් වේ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි…

Read More

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම කර තිබේ.

Read More

සියලුම පාසල්වලට මීටර 500 ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් එවැනි සියලුම ක්‍රියාකාරකම් ඉවත්කරන ලෙස පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. දරුවන්ට අහිතරක දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කළ යුතු බව කී දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩි දුරටත් කීය.

Read More

පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සෝමාවතිය, සුංගාවිල ප්‍රධාන මාර්ගයේ හතර කනුව ප්‍රදේශයේ අඩි තුනක් පමණ ජලය යටවීමත් සමග එහි වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙන බව සෝමවතිය පොලිසිය කියයි. මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙන අතර සෝමවතිය සුංගාවිල මාර්ගයේ හතර කනුව ප්‍රදේශයේ මෙලෙස අඩි තුනක් පමණ ජලයෙන් යටවීමත් සමග 18 වෙනිදා සිට වාහන ගමනාකම කටයුතු නතර කර තිබෙන බව තිබෙන බව පොළොන්නරු ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි. මහවැලි ගඟ සුංගාවිල ප්‍රදේශයේ පිටාර ගැලීම හේතුවෙන් පොලිස් ස්ථානය ද ජලයෙන් යටව පවතින බව සෝ මාවතිය පොලිස් ස්ථානාධිපති ඊ.එම්.පී.ඒ. සෙනවිරත්න මහතා…

Read More

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති. පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවටද වෛද්‍යවරු ප්‍රකාශ කරති. විශේෂයෙන්ම පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹී තිබීම මෙම තත්ත්වයට හේතුවක් බව ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පසුගියදා මාධ්‍ය වෙත අදහස් සඳහන් කළේය. දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් ඉන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5-20ත් අතර…

Read More

ජන අරගල පුරවැසියේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට විරෝධය පළ කර සිටියේය. ඒ පසුගිය දා සාගර කාරියවරම් මහතා විසින් පොහොට්ටු සම්මේලනයේ දී කළ ප්‍රකාශයකටය. කෙසේවෙතත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මාර්ගය ඉදිරිපිට විරෝධය පළ කළේය. එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර, එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය පළ කළහ.

Read More