Author: LANKA24X7

ICC විස්සයි විස්ස ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට බලධාරීන් පියවරගෙන තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අදාළ නිර්දේශය ලබාදී ඇති බව සඳහන් වෙයි. මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව අදාළ කමිටුව පත්කර තිබේ. එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ද අනෙක් සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්…

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික්ක 8ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදුන් යූරියා මෙට්‍රික් ටොන් 9,000ක් සහිත නෞකාව අද (02) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය. මේ වන විට එහි පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ද අද රාත්‍රියේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බවය. එම බණ්ඩි පොහොර තොගය ගොඩබෑමේ කටයුතු හෙට (03) පස්වරුවේ ආරම්භකිරීමට නියමිත බව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, “05 වැනිදා වෙද්දි අදාළ ප්‍රදේශවලට බණ්ඩි පොහොර යවනවා. යූරියා ලැබෙන්නේ රුපියල් 10,000 ට. බණ්ඩි පොහොර රුපියල් 19,500 ක් වගේ වෙනවා. අවශ්‍ය…

Read More

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2) පැවසීය. “ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම.” ඔහු එසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ය. “ඉතාමත් අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය.”

Read More

2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු WWW.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.

Read More

ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා ගැනීම ගැන විදේශ අමාත්‍ය අලි සබ්රි හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට දහවල් 1.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ අඹතලේ බලශක්තිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාළව නව සම්ප්‍රේෂණ නළ එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවය.

Read More

ලබන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසිය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. “ජනවාරි පෙබරවාරි සහ මාර්තු කියන්නේ අපේ තෙත් කලාපයේ වියලි කාලය. ඒ නිසා අපේ කඳුකර ජලාශ හිඳී ගිහින් ජල විදුලි නිෂ්පාදනය කඩා වැටෙනවා. මේක සෑම වසරකම වගේ අපි මුහුණ දෙන තත්වයක්. පසුගිය ජනවාරි මාසයේ 10 දා විදුලි කප්පාදුව සිදු කිරීම පිලිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා. එහිදී මම කිව්වා තෙත් කලාපයේ වියළි කාලය දැන් ඇවිත් තියෙනවා. ජලාශ සිඳී යමින් පවතිනවා. එතැන දී මම කිව්වා දැන් සිටම පැය 3ක් විදුලි කප්පාදුවක් කලොත් වියලි කාලය තුල උපරිම විදුලි කප්පාදුව පැය…

Read More

15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුට ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන කරන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ හොරණ පදිංචි 42 තිදරු මවකි. අතවරයට පත්බව කියන සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි ඉකුත් පස් වෙනි දින සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා…

Read More

සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් 12000 ක්මේ වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයට එක්වෙමිනි. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්කරමින්, මෙලෙස සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් වාර්තා වී ඇතිබව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඩිජිටල් කරණය සමඟ මෙවැනි සිද්ධි පාලනය කර ගැනීම තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ගේද වගකීම බවද මෙහිදී පෙන්වා දුන්නේය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක්…

Read More

තමන් අමාත්‍යවරයාට ගරු නොකරන බවත් විදුලි බල පනතට ගරු කරන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය. ඊ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා. ”

Read More