සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලුණුගල පොලිස් වසමේ පීස්ස කෙසෙල්වත්ත ප්රදේශයේ කුඹුක්කන් ඔයේ තිබී සොයාගෙන තිබේ.
ඊයේ (05) ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව එම මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, හෝප්ටන්, ලුණුගල ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු පසුගිය 03 වනදා උදෑසන කාලයේදී ලුණුගල නගරයට පිටව ගොස් නැවත එදින රාත්රීය වන තෙක් නිවස වෙත නොපැමිණ ඇත.
ඒ හේතුවෙන් ඊයේ නිවැසියන් ලුණුගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඒ අනුව, ලුණුගල පොලීසිය විසින් මරණකරු සැකකටයුතු ලෙස කුඹුක්කන් ඔයේ මියගොස් සිටියදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.