බලන්ගොඩ ප්රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්රමාණයක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවට තහවුරු විි ඇතැයි බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්ර විජේතිලක මහතා පවසයි.
විශේෂයෙන්ම තරැණ සහ මැදි වයසේ පසුවෙන පුද්ගයන් හෘදයාබාධ හේතුවෙන් මියයැමෙිි ප්රවනතාවය ඉහළ ගොස් ඇති බව මෙම දත්ත අනුව තහවුරු වෙන බවද ඒ මහතා සදහන් කලේය.
තරුණ පුද්ගයන් සහ වයස අවුරුදු පනහ අඩු පුද්ගයන් අතර මතයක් පවතින්නේ ලේ පරික්ෂා කිරිම සිදු කළ යුත්තේ වයස්ගත වු පසුව බවද එම මතය වෙනස් විය යුතු බවද හදිසි මරණ පරික්ෂක වරයා පෙන්වා දෙයි.
.වයස අවුරුදු තිහට වැඩි ඔිනැම පුද්ගලයකුට හදිසියේ ඇතිවෙන බඩ පපුව දැවිල්ල, ක්ලාන්තය ,සන්කුලතා වැනි තත්වයන් ඇත්නම් අනිවාර්යයෙන්ම ලේ පරික්ෂාවක් සහ ඊ සි ජිි ( ECG) පරික්ෂාවක් සිදු කරගත යුතු බවද සදහන් කළේය.
පත්මෙන්ද්ර විජේතිලක මහතා වැඩිදුරටත් පැවැසුවෙිි තරුණ පිරිස සහ මැදි වයසේ පසුවෙන එනම් වයස අවුරුදු 30-50 අතර පුද්ගයන් ඉහත කියන ලද හදිසි රෝගිි තත්ත්වයන් සමග ඇති වෙන හෘදයාබාධවලින් ජිවිතය අරක්ෂා කර ගැනිම සදහා වග බලා ගත යුතු බවයි.