නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වූ පසු ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වී දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ඊයේ (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා තවදුරටත් සහාය දැක්වීමට ජපානය බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.
මෙරට සියලුම ණය හිමියන් සමඟ විනිවිදභාවයකින් සහ සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම ඉතා වැදගත් බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව ණය ප්රතිවිරුව ගත කිරීමේ අවබෝධතා ගිවිසුමට ඉතාමත් ඉක්මනින් අත්සන් තබනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව කමිකාව මහත්මිය පැවැසුවාය.